අඩුම වයසේ (අවුරුදු 24රේ) අම්මා කෙනෙකුට ඉන්නේ මම විතරයි

2016gn1016-gossipcජාත්‍යන්තර තරගයකට පියුමි සහභාගිවෙනවා කියලයි ආරංචිය? මේ තරගය… මිසිස්‌ නොබෙල් ක්‌වීන් 2016 ය ලෙස තමයි නම් කරලා තියෙන්නේ. මේ තරගය තියෙන්

 

නේ.. කොහේද?මැලේසියාවේ. මිස්‌ සහ මිසිස්‌ ලෙස තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ලංකාවෙන් තවත් තරුණියක්‌ මිස්‌ නොබෙල් ක්‌වීන් තරගය සඳහා සහභාගිවෙනවා. මම මිසිස්‌ නොබෙල් ක්‌වීන් තරගය සඳහා තමයි සහභාගිවෙන්නේ.

දවස්‌ කීයක්‌ මේ තරගය පැවැත්වෙනවාද? 21 වැනිදා තමයි අවසන් මහා තරගය තියෙන්නේ. කොහොම හරි දවස්‌ පහක්‌ විතර එහේ ඉන්නවා.

මේ අවස්‌ථාව ලැබුණේ කොහොමද? මිසිස්‌ නොබෙල් ක්‌වීන්හි ලංකාවේ ජාතික සංවිධායක විදිහට කටයුතු කරන්නේ විශ්ව පෙරේරා. ඔහුගෙන් තමයි මට මේ ආරාධනාව ලැබුණේ.

කොහොමද මේ සඳහා ඔබේ සූදානම ? ඕනෑම තරුණියක්‌ රූ රැජන තරගාවලියකට සහභාගිවෙනකොට ලොකු සූදානමක්‌ තියෙනවා. ඒ වගේම මගෙත් එහෙම ලොකු සූදානමක්‌ තියෙනවා. මොකද මගේ රට වෙනුවෙන් ජාත්‍යන්තරයේදී යමක්‌ කරන්න ලැබෙන පළමු අවස්‌ථාව. මේක ගොඩක්‌ කාලයක ඉඳලා තිබුණ හීනයක්‌. ඉතිං මං ඒ වෙනුවෙන් උපරිම දේ කරන්න තමයි බලන්නේ.

රටවල් කීයක්‌ මේ සඳහා සහභාගිවෙනවාද? රටවල් තිහක්‌ විතර මේ සඳහා සහභාගිවෙනවා. දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව අඩුම වයසේ (අවුරුදු විසිහතරේ) අම්මා කෙනෙකුට ඉන්නේ මම විතරලු.

ඇයි මේ මගේ තරගයකට සහභාගිවෙන්න හිතුවේ? මම විවාහක හින්දා මිස්‌ ශ්‍රී ලංකා වෙන්න බැහැනේ. ඒක හින්දා මගේ අරමුණක්‌ තියෙනවා මිසිස්‌ තරගාවලියකට සහභාගිවෙන්න. ඒකයි මම මේ තරගාවලියට සහභාගිවුණේ.

පසුගිය දවස්‌වල මිසිස්‌ යුනිවර්ස්‌ තරගාවලියකට සහභාගිවෙලා වේදිකාවෙන් බැස ගියා නේද? ඒ වගේ තර්ඩ්ක්‌ලාස්‌ පැජන්ට්‌ එකක්‌ ගැන මම පත්තරවලට සම්මුඛ සාකච්ඡා දෙන්න කැමැති නැහැ.

ඒකට අභියෝගයක්‌ කරන්නද ජාත්‍යන්තර තරගයකට සහභාගිවෙන්න හිතුවේ? අපොයි නැහැ. මට කිසිම කෙනෙක්‌ එක්‌ක අභියෝගයක්‌ නැහැ. මට කා එක්‌කවත් තරගයක්‌ නැහැ. මට ඕනෑ රට වෙනුවෙන් යමක්‌ කරන්නයි. නැතිව බොරුවට එක එක්‌කෙනාට පේන්න පැජන්ට්‌ දින්නා කියලා ක්‍රවුන් එකක්‌ ඔළුවේ දාගෙන ඉන්න මට වුවමනා නැහැ. මට ඕනෑ රට වෙනුවෙන් දෙයක්‌ කරන්න. නැතිව සමහරු ලංකාවෙන් යන්නේ හොර කරලානේ. සල්ලි දීලා ක්‍රවුන් ගන්න වුවමනා නැහැ.

ඔබ යන්නේ සල්ලි දීලා නෙමෙයි. හරි ක්‍රමවේදයටද? ඔව්. ලංකාවෙන් නිර්දේශවෙලා තමයි මම යන්නේ. සමහර ලංකාවෙන් නිර්දේශවෙලා යන අය එහෙදී මොකුත් කරගන්න බැරිවුණහම සල්ලිදීලා ක්‍රවුන් අරගත්තා. ලක්‍ෂ හතරපහ වියදම් කරලා. මම යන්නේ මට දෙයක්‌ කරන්න පුළුවන් හින්දා කියලයි මට හිතෙන්නේ. දිනුමත් පැරදුමත් දෙකම භාරගන්නවා. හැබැයි යමක්‌ කරන්න උපරිම උත්සාහ කරනවා.

හැබැයි පසුගිය දවස්‌වල ඔබ වේදිකාවෙන් බැස ගියේ පරාජය භාරගන්න බැරිව නේද ? වේදිකාවෙන් බැසගියේ මට වුණ අසාධාරණය බලාගෙන ඉන්න බැරිවයි. මොකද මට ලැබෙන්න ඕනෑ මිනි පැජන්ට්‌ වෙන අයට ලැබෙනකොට මට ඒවා බලාගෙන ඉන්න බැරිකමටයි වේදිකාවෙන් බැහැලා ගියේ. පරාජය දරාගන්න බැරිව නෙමෙයි. මොකද පැජන්ට්‌ එකකට කියලා මිසිස්‌ යුනිවර්ස්‌ පැජන්ට්‌ එකට නෙමෙයි පළමු වතාවට වේදිකාවට නැග්ගේ. මම ඊට කලින් පැජන්ට්‌වලට ඉදිරිපත් වෙලා තියෙනවා. මෙතැන වුණේ අසාධාරණයක්‌. මම කොහොමත් අසාධාරණය වෙනුවෙන් කතා කරන චරිතයක්‌.

පියුමි හංසමාලි කියන්නේ සමාජ වෙබ් අඩවිවල හරි ජනප්‍රිය චරිතයක්‌ ? මම හිතන්නේ ඔව්.

සමාජ ජාල හරහා ඔබ ජනප්‍රියවෙන්න බලනවා නේද? මට එහෙම කිසිම අවශ්‍යතාවයක්‌ නැහැ. වෙබ් අඩවිවලින් තමයි මාව ජනප්‍රිය කරන්නේ. මම ගහකට නැග්ගත් ඒ ගැන ගොසිප් එකක්‌ යනවා. මම මුහුණුපොතේ දාන්නෙ මගේ දේවල්. ගොසිප් පේඡ් කරන අය ඒවා අරගෙන දාලා බොරුවට මාව හිට්‌ කරනවා. ඒකට මට කරන්න දෙයක්‌ නැහැ. අන්තර්ජාලය හරහා හිට්‌ වෙන්න මට කිසිම වුවමනාවක්‌ නැහැ.

වෙබ් අඩවි ඔබ හරහා ජනප්‍රිය වෙන්න බලනවා කියලාද මේ කියන්නේ ? පැහැදිලිවම. මොකද ඔවුන් දන්නවා අනිවාර්යයෙන්ම මොකක්‌ හරි මගේ දෙයක්‌ දැම්මොත් ගොඩක්‌ කට්‌ටිය ඒක බලනවා කියලා. වෙබ් අඩවි මගේ පින්තූර දාන එක මට නවත්වන්න බැහැනේ.

පසුගිය දවස්‌වල සිනමාවට සම්බන්ධ වුණා නේද? මගේ පළමු චිත්‍රපටය තමයි උදයකාන්ත මහත්මයාගේ වස්‌සානයේ සඳ චිත්‍රපටය. ඒකේ රූගත කිරීම් අවසන්වෙලයි තියෙන්නේ. ලබන අවුරුද්දේ මේ චිත්‍රපටය තිරගතවෙනවා.

ඇමැතිවරයකුට ලබාදුන්න හාදුවක්‌ සහිත පින්තූර වගයක්‌ අන්තර්ජාලයේ හරියට පළවෙනවානේද?ඒ ගැන මට කියන්න දෙයක්‌ නැහැ. අපේ ලංකාවේ විතරයි ඔය ප්‍රශ්නය තියෙන්නේ. නැතිනම් පිටරටවල්වල එච්චර ගොසිප් යන්නේ නැහැ. රන්ජන් අයියාත් මේ ක්‍ෂේත්‍රයේ ඉන්නේ. මමත් මේ ක්‍ෂේත්‍රයේ ඉන්නේ. රන්ජන් අයියා මට සහෝදරයෙක්‌ වගෙයි. අපි ෆොටෝ ෂූට්‌ එකක්‌ කළා. ඒ පින්තූර ටික තමයි ඔය පළවෙන්නේ. අපි දෙන්නා හොඳ යාළුවෝ. අපේ මිනිස්‌සු කෙන්ද කන්ද කරගත්තාට මම නම් සතපහකටවත් ගණන් ගන්නේ නැහැ.

දිනේෂ් විතාන
ඡායාරූප – ගෝල්ඩන් අයි ප්‍රඩක්‌ෂන්

dance-1

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar