අපි අයිති ලියුම් ලියපු කාලෙට

අපි අයිති ලියුම් ලියපු කාලෙට01. ඒ කාලේ ජීවත් වෙන්න ලොකු කට්ටක් කෑවද?

ඒ කාලේ විතරක් නෙවෙයි අදටත් ඒ කට්ට කනවා. ඒක නොනිමි අරගලයක්. මැරෙනකම් ඒක නවතින එකක් නැහැ. ඒ වගේම නළුවෙක් වෙන්නත් සෑහෙන්න කට්ටක් කෑවා. විවාහ වෙලත් කට්ට කනවා.

02. වර්තමාන පරම්පරාවේ අයත් ඒ කට්ටම ජීවත් වෙන්න කනවා කියලා හිතනවද?

ඔව්. හැමෝම ඒ කට්ට කනවා. ඒත් විවිධ විදියට ජීවිතේට ඒ දේ සම්බන්ධ වෙලා තියෙන්නේ.

03. ලව් එකක් ගෙදරට මාට්ටු වෙලා තියෙනවද?

එහෙම වුණේ නැහැ. මොකද ඒ ගර්ල් අපි දන්න අඳුනන පවුලක කෙනෙක්. අම්මා එෆයාර් එක ගැන දැනගෙන හිටියා. ඒත් අම්මා බැන්නේ වත්, තරවටු කළේවත් නැහැ.

04. ඔයාට ඒ කාලේ ආදරේ මොන විදියටද හිතට දැනුණේ?

පෞද්ගලිකවම ගත්තොත් මම බයයි. දැන් වගේ ෆෝවර්ඩ් නැහැ. මොකද මම කොළඹ කොල්ලෙක් නෙවෙයි. ආදරේ කළාට බයෙන් වගේම ලැජ්ජාවෙන් හිටියේ.

05. පළමුවැනි ගර්ල් ෆෙන්ඩ්ට ආදරෙයි කියලා කියන්න කොයිතරම් මහන්සියක් වුණාද?

අම්මෝ ලොකු කට්ටක් කෑවේ. අවුරුද්දක් තිස්සේ දවස ගාණෙම ආදරෙයි කියලා තමයි සෙට් කර ගත්තේ.

06. මුල්ම හමුවීම සැලසුම් කළේ මොන විදියටද?

ලොකු ප්ලෑන් එකක් නැහැ. එක්කෝ ඉස්කෝලේ ඇරිලා හම්බෙනවා. ඕෆ් පීරියඩ්වලදී හම්බෙනවා. යාළුවෝ මට සෑහෙන්න උදව් කළා.

07. එතකොට ඔය කාලෙ ෆැෂන්වලට සල්ලි හොයා ගත්තේ කොහොමද?

තාත්තා මට ඕනෙ හැමදේම අරන් දුන්නා. ඒ නිසා සල්ලි හොයා ගන්න වුවමනාවක් වුණේ නැහැ.

08. ඒ කාලේ ෆැෂන්වලට මොනවගේ තැනක්ද ඔයාගේ ජීවිතේ තිබුණේ?

විශේෂ විලාසිතාවලට උනන්දුවක් තිබුණේ නැහැ.

09. හා හාපුරා කියලා පෙම්වතියගේ අතින් ඇල්ලුවම මොනවගේ හැඟීමක්ද හිතට ආවේ?

ඒ හැඟීම අදටත් නිර්වචනය කරන්න අමාරු හරිම නැවුම් අත්දැකීමක්.

10. ෆර්ෆියුම් යූස් කළාද?

විශේෂ බ්‍රෑන්ඩ් එකක් කියලා නැහැ. තාත්තා එවපු ඒවා තමා යූස් කළේ. තාත්තා එව්ව ෆර්ෆියුම් එකේ නම ධදඥ ථචද ඵඩධඹ. ලංකාවේ තියෙන සිග්නේචර් කියන ෆර්ෆියුම් එකත් යූස් කළා.

11. පළමුවැනි ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ ෆර්ෆියුම් එක මතකද?

ඒක නම් දන්නේ නැහැ. ඒත් පෙම්වතියගේ සුවඳනම් තාම මතකයි.

12. ඒ දවස්වල ඔයාගේ පෙම්වතිය ඔයා කොහොම අඳිනවටද කැමැති?

මට කවදාවත් එහෙම දෙයක් කියලා නැහැ.

13. එතකොට ඒ කාලේ හෙයාර් කට් එක?

හැමෝම කොණ්ඩෙ කපන විදියට කැපුවා. ගොඩක්ම කොටටම කොණ්ඩෙ කැපුවා.

14. මහන්සි වෙලා කට්ට කාලා ඉගෙන ගත්ත දේවල්වලින් ප්‍රතිඵල ලැබුණාද?

අනිවාර්යෙන්ම ඔව්. ජීවිතයේ අපි ඉගෙන ගත්ත දේ තමා හැමදේටම යොමු කරන්න පුළුවන්.

15. ඒ කාලේ යූත් එක අද තියෙන යූත් එකට වඩා සාර්ථකයි කියලා හිතෙනවද?

සාර්ථකද කියන්න දන්නේ නැහැ. අද සමාජේ ගොඩක් දියුණුයි. ඒ දේවල් හරියටම ප්‍රයෝජනයට අරන් කටයුතු කරනව නම් හොඳයි.

16. සම්පත්ගේ යූත් එකයි අද යූත් එකයි අතර වෙනසක් දකිනවාද?

ඔව්. තාක්ෂණික මෙවලම් එක්ක ඉදිරියට යන යූත් එකක් දැන් තියෙන්නේ. අපි අයිති වෙන්නේ ලියුම් ලියපු කාලෙට. මේ වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ එක්ක බලද්දි මේ දෙක අතර වෙනසක් දකිනවා.

(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar