ඒෂියාට සනත් හින්දා ලැබුණු මාර චාන්ස් එකක්..?

ඒෂියාට සනත් හින්දා ලැබුණු මාර චාන්ස් එකක්..?ඒෂියාව ගොඩක් අය දන්නෙ නිරූපිකාවක් විදියට නේද?

ඔව්. ඒත් මම දැනට රංගනයට අවතීර්ණ වෙලා ඉවරයි. විශේෂයෙන්ම චිත්‍රපට රංගනයට. ප්‍රශ්නය තියෙන්නේ තාම මම රඟපාපු චිත්‍රපට තිරගත වුණේ නැති එක මට වෙච්ච පාඩුවක්. ඒත් මම හිතනවා ඒ නිර්මාණ ළඟදී බලා ගන්න ලැබෙයි කියලා.

අපිට ආරංචි සනත් හින්දා මාර චාන්ස් එකක් ලැබුණා කියලා?

මට මුලින්ම රඟපාන්න හම්බවුණේ ඉසුරු මුලලිගේගේ රන් මකුළුවො චිත්‍රපටයෙ. චිත්‍රපටය කාස්ටින් කරද්දි මට තිබුණෙ සහයා චරිතයක්. ඒත් පස්සෙ සනත් අයියා නිසා කතාව වෙනස් වුණා.

ඒ වුණාට ආරංචිය ගියේ ප්‍රධාන චරිතය වෙනුවට හිටි නිළිය තරහා වුණු හින්දා අඩුව පුරවන්න එතැනට ගියා කියලා?

අනේ නෑ. ඒ නිළිය ටිකක් මිටියි. එයාට කරන්න තිබුණේ සනත් අයියගේ බිරියගේ චරිතය. ඒ හින්දා සනත් අයියා මගෙ උසට කැමැති වුණා. එයා තමයි කීවේ ඉසුරුට මාව ගන්න ඒ චරිතෙට කියලා. මේ වෙලාවේ සනත් අයියවත් මතක් කරන්න ඕනෑ.

ඉතින් කලින් නිළිය තරහ වෙන්නත් ඇති?

මම හිතන්නේ නෑ. කොහොමද දන්නෙ නෑ. මට එයාව හම්බවෙලා නෑ.

ඔය විදියට වැඩේ පටන් ගත්ත ඒෂියාගෙ කලින් පදිංචිය යුරෝපයේ නේද?

ඔව්. මම අවුරුදු ‍ෙදාළහක් හිටියේ එංගලන්තයේ. පස්සෙ මෙහෙ පදිංචියට ආවා. දැන් ඉතින් දිගටම කලා ක්‍ෂේත්‍රයේ තමයි.

එහෙ ඉඳන් මෙහෙ ඇවිත් කරන වැඩ ගැන සතුටුද?

මම යම් සතුටක් විඳිනවා. මුලින්ම නිරූපණ ක්‍ෂේත්‍රයට එන්න ඉඩ ලැබුණෙ බ්‍රයන් කොරකෝවා මහත්මයා හරහා. ගොඩක් අවස්ථාවන් ලැබුණෙ මම කරපු ෆොටෝ ෂූට් හින්දමයි.

රන් මකුළුවොට පස්සේ මොකද කළේ?

මේ දවස්වල ජයන්ත අයිය කරන හංකිති දහතුනේ චරිතයක් කරනවා. නාට්‍යයේ රඟපෑවට පස්සේ රංගනයේ සමහර අඩුපාඩු මගේ හැදුණා කියලා හිතෙනවා. රන් මකුළුවො චිත්‍රපටයෙ ඉතුරු වුණු එක සින්දුවක් ෂූට් කරන්න ගිය වෙලාවක ඉසුරුත් කීවා මගෙ ඇක්ටින් දියුණු වෙලා කියලා.

මෑත කාලීනව රංගනයෙන් නිරූපණයට බොහෝ දෙනෙක් පැමිණෙනවා. ඉතින් රැඳෙන්න නම් ලොකු චැලෙන්ජ් එකක් නේද?

ඔව්. ඒ චැලේන්ජ් එක නම් තියෙනවා. ඒත් රන් මකුළුවොට පස්සේ මම කරපු දෙවැනි චිත්‍රපටයේ ඔය දේවල් හැමටම උත්තරයක් දීලා තියෙනවා.

දිගටම රංගනයේ ඉන්නද කල්පනාව?

මම හිතනවා රංගනය තුළින් ලොකු දුරක් යන්න පුළුවන් වෙයි කියලා.

නදීෂ නිර්මාණ හේරත්

Share this post:

Related Posts

Leave a Comment