ඔබෙත් අත්යට බෙල්ල වැලමිට සහ දණහිස් කළු පාට නිසා පිඩාවට පත්වෙලාද

ඔබෙත් අත්යට බෙල්ල වැලමිට සහ දණහිස් කළු පාට නිසා පිඩාවට පත්වෙලාද

ඔබත් අත්යට, බෙල්ල, වැලමිට සහ දණහිස් කළු පාට නිසා පිඩාවට පත්වෙලාද ? ඔබ විතරක් නෙමෙයි. මෙය බොහෝ දෙනාහට ඇති ගැටළුවක්. දන්නවාද මෙහෙම වෙන්නේ අයි කියලා ? ගෙල වටා අඳුරු සම පැච් තිබීමට හේතුව Acanthosis nigricans යන සම කළු වීම හිරු එලියට නිරාවරණය වීම සහ වයසට යාම බලපායි. වැළමිට හා දණහිස අවට සම සාමාන්‍යයෙන් ඝනැති වන අතර එහි නවුම්ද විශාල ලෙස පැවති. එම නිසා මෙම ප‍්‍රදේශ වල තෙල් අවයව නැත. සම වියලි ලෙස තිබෙන්නේ ඒ නිසයි.

බෙල්ල අවට කළු සමට අත් බෙහෙත්.

1. කෝමාරිකා

කෝමාරිකා සම පැහැපත් කරයි. සෛල අලූත්වැඩියා සහ නිපදවීම කරයි. කෝමාරිකා කොළයකින් ජෙල් සුරා එලියට ගෙන බෙල්ල අවට ආලේප කර විනාඩි 20ක් පමණ සිට සෝදා හරින්න. දවසක් හැර දවසක් පාවිච්චිය වැඩි ප‍්‍රතිපල ගෙනදෙයි.

2. බේකිං සෝඩා

බේකිං සෝඩා කළු පැහැති සහ අඳුරු පැහැති පැච් නැති කිරීමට උදවු වෙයි. බේකිං සෝඩා කොටස් 3ක් වතුර කොටස් 1 කට මිශ‍්‍ර කර පල්පයක් ලෙස සද ගන්න. මෙම පල්පය බෙල්ලේ ගලවා විනාඩි කීපයකින් පසු සෝදා හරින්න. සතියට දෙවරක් කරන්න.

3. අර්තාපල් අල

අර්තාපල් අල වල ඇති Catecholase නම් රසායනය සම පැහැපත් කරයි. ගෙල වටා අර්තාපල් අඹරා හෝ අර්තාපල් යුෂ ගා විනාඩි 15 ඉන්න . පසුව අයිස් වතුරින් ඔබේ ගෙල සෝදාන්න.

ලෙමන් යුෂ හා අර්තාපල් යුෂ එකට මිශ‍්‍ර කර බෙල්ලේ ගා විනාඩි 15-20 ඉන්න. පසුව අයිස් වතුරින් ඔබේ ගෙල සෝදාන්න.

වැලමිට සහ දනිස් වල කළු සමට අත් බෙහෙත්.

1. ලෙමන්

ලෙමන් මැරුණ සෛල ඉවත් කර සමට උදව් උපකාර වන විටමින් C බහුල වේ. එසේම සෛල උත්තේජනය කළ හැකි ගුණයෙන් නිරෝගී සෛල නිපදවයි.

ඔබගේ වැළමිට හා දනිස් ලෙමන් යුෂ ගල්වා මෘදුව විනාඩි කීපයක් අතුල්ලන්න. විනාඩි 20කට පමණ පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එක ලෙමන් ගෙඩියක යුෂ සහ මී පැණි මේස හැදී 1ක් සමග මිශ්‍ර කර ගල්වා විනාඩි 20ක් පමණ සිට සෝදා හරින්න.

2. සීනි

සමේ මැරුණු සෛල ඉවත් කරයි. සීනි සහ ඔලිව් තෙල් හා සමාන ප‍්‍රමාණ එකට මිශ්‍ර කර ඝන පල්පයක් ලෙස සකස් කර ගන්න. රවුම් ආකාරයට විනාඩි 5ක් පමණ අතුල්ලමින් වැලමිට සහ දනිස් වල ආලේප කරන්න. මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනපතා සමේ පැහැය අඩු වනතෙක් කරන්න.

අතයට කළු සමට අත් බෙහෙත්.

1. පිපිඤ්ඤා

පිපිඤ්ඤා වල සම පැහැපත් කිරීමේ ගුණ පැවති. පිපිඤ්ඤා යුෂ සමග දෙහි යුෂ මිශ්‍ර කර එයට කහ පොඩ්ඩක් එකතු කරන්න. ලෙමන් මැරුණ සෛල ඉවත් කරයි. පිපිඤ්ඤා සම සිසිල් කරයි. කහ අවර්ණ වීම වලකයි. රවුමට කපාගත් පිපිඤ්ඤා අතයට අතුල්ලන්න. එසේම පිපිඤ්ඤා යුෂ ආලේප කරන්නද පුළුවන්.

2. කිරි

කිරිවල ඇති විටමින් සහ මේද අම්ල අඳුරු සම නැති කිරීමට උදවු වේ.

කිරි මේස හැදී 2 ක්

මුදවපු කිරි මේස හැදී 1 ක්

පිටි මේස හැදී 1 ක්

කිරි, මුදවපු කිරි සහ පිටි එකට එකතුකර පල්පයක් ලෙස සද ගන්න. අතයට මෙය ගලවා විනාඩි 15කට පමණ පසු සෝදා හරින්න.

3. කඩල පිටි

කඩල පිටි මේස හැදී 2 ක්

යෝගට් මේස හැදී 1 ක්

ලෙමන් යුෂ මේස හැදී 1 ක්

කහ කුඩු බිදක්

සියල්ල එකට එකතුකර මෘදු පල්පයක් වන ලෙස අබරා ගන්න. අතයට මෙය ගලවා පැයකට පමණ පසු සෝදා හරින්න. සති දෙකක් දිනපතා පාවිචිකරන්න. ඉන් පසු සතියට දෙවරක් පාවිචිකරන්න.

 

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar