කාන්තාවක් දුෂණය කල 4 කට වසර 52 ක සිර දඩුවම්

4-years-for-raping-a-woman-over-52-is-punishableඅවස්ථා දෙකකදී විවාහක කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවලට වරදකරුවන් වු පුද්ගලයන් 4 දෙනෙකුට සෞදි අධිකරණයක් විසින් සිර දඩුවම් නියමකර තිබෙනවා.

සැකකරුවන් 4 දෙනා අදාළ කාන්තාව දුෂණය කර ඇත්තේ ඇයගේ සැමියා සහ තරුණ දියණිය ඉදිරියේ බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඔවුන් කාන්තාවගේ නිවසින් සෞදි රියාල් දස දහසක් සහ ජංගම දුරකථන 8 ක් ද සොරකම් කර තිබෙනවා.

මෙම විත්තිකරුවන් අතර සෞදි අරාබි ජාතිකයන් 3 දෙනෙකු සහ සුඩාන ජාතිකයකු වනවා.

ජෙඩා නුවර අධිකරණයක් නියෝග කර ඇත්තේ සිර දඩුවමට අමතරව මෙම පුද්ගලයන්ට කස පහර ද ලබාදීමටයි.

17 හැවිරිදි සැකකරුවකුට වසර 17 ක සිර දඩුවමක් නියමවී ඇති අතර ඔහුට අවස්ථා 50 කදී කස පහර 2500 ක් ලබාදීමට නියමිතයි.

දෙවන සහ තුන්වන විත්තිකරුවන්ට වසර 15 ක සිර දඩුවමක් නියමවී ඇති අතර ඔවුන්ට ලැබෙන කස පහර සංඛ්‍යාව 1500 ක්.

එය අවස්ථා 30 කදී ලබාදෙනු ඇති.

4 වන විත්තිකරුට නියමවී ඇති සිර දඩුවම් කාලය වසර 5 ක්.

ඔහුට ද කස පහර 1500 ක් නියමවී තිබෙනවා. කෙසේවෙතත් මෙම දඩුවම ප්‍රමාණවත් නොවන බවටයි සෞදියේ ඇතැම් පිරිස් ප්‍රකාශකර ඇත්තේ.

Share this post:

Related Posts

Leave a Comment