කිසිලෙසකින්වත් ලැජ්ජා නොවී වෛද්‍ය උපදෙස් ගත යුතු රෝග මෙන්න

Here's Disease Medical advice should not be ashamed of fabledතමන් පෙළෙන නමුත් කිසිවෙකුට පෙන්වීමට හෝ පැවසීමට අකමැති රෝග ඉදිරියේදී ලැජ්ජා නොවී වෛද්‍ය උපදෙස් ගත යුතු බව බි‍්‍රතාන්‍ය වෛද්‍ය ඩෙයෝ ෆැම්බෝනි පවසා තිබේ.  ඇය පවසා ඇත්තේ එම ලැජ්ජාශීලී බව තේරුම් ගත හැකි නමුත් එමගින් ඇති කළ හැකි අහිතකර ඵල විපාක බරපතල විය හැකි බවයි.

සාමාන්‍යයෙන් දිනකට ශරීරයෙන් දහදිය ලීටරයක් පමණ පිටවන නමුත් සිය දෙනෙකුගෙන් තිදෙනෙකුට පමණ එම ප‍්‍රමාණය දස ගුණයකින් පමණ ඉහළ නැගිය හැකි බව වෛද්‍ය ෆැම්බෝනිගේ අදහසයි.  ඒ සඳහා විවිධ ආසාදන තත්වයන් හෝ හෝමෝන ගැටළු බලපෑ හැකි බව පැවසේ.

වැඩි වාර ගණනක් මළ පහකිරිම හෝ මළබද්ධය වැනි තත්වයන් නිසා යටි බඩ රිදීමත් බඩ පිපීමත් අතපසු නොකර වෛද්‍ය ප‍්‍රතිකාර ගත යුතු තත්වයන් බව ඩෙයෝ ෆැම්බෝනි පවසයි.  බැක්ටීරියා ක‍්‍රියාකාරීත්වයන් නිසා යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයක් හැමිය හැකි බවත් එවැනි තත්වයකදී වහාම චර්ම හෝ නාරි වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ලැබීම මගින් කඩිනමින් සුව කරගත හැකි බවත් ඇය පවසා තිබේ.

කාන්තා තන පුඩුවේ වෙනස්කම් ඇතිවීම මෙන්ම ව්‍යායාම හෝ වෙනත් වෙහෙසකාරී ක‍්‍රියාකාරකම් වලදී කාන්තාවන්ට මද වශයෙන් මුත‍්‍ර පිටවීම වැනි තත්වයන් ලැජ්ජාශීලීත්වය නිසා බොහෝ දෙනෙකු විසින් සැගවීමට උත්සහ කරන බව හෙළිවී තිබේ.

එමෙන්ම ලිංගික තෘප්තිය නොමැති වීමට මානසික ආතතිය හෝ විශාදය වැනි තත්වයන් බලපෑ හැකි බවද වෛද්‍ය ඩෙයෝ ෆැම්බෝනි සඳහන් කර ඇත.

(under the courtesy of lankacnews news web)

Share this post:

Recent Posts

Leave a Comment