ගයේෂා මව් පදවියට. දුවෙක්‌ වුණත් පූතෙක්‌ වුණත් ගොඩක් සතුටුයි

2016f1030-gossipcගයේෂා කියන්නේ… ආන්දෝලනාත්මක චරිතයක්‌. ඒ වගේම තමයි අපි දන්න විදිහට කෙලින් කතා කරන කලාකාරිණියක්‌… ඒ දවස්‌වල දී.. ගයේෂාගෙන් මාධ්‍ය

 

නිතරම ඇහැව්වේ කවුද පෙම්වතා, කවදාද විවාහ වෙන්නේ කියලා. අන්තිමේ ඇය වැඩි සද්දබද්දයක්‌ නැතිවම ඒ ප්‍රශ්නයට උත්තරයක්‌ දුන්නා. මාධ්‍යයෙන් ඇයගෙන් හරියට නිතරම ප්‍රශ්න අහනවානේ. කසාද බැඳලා අවසන් වුණ ගමන් ඇගෙන් ඇහැව්වේ පවුලට තුන්වැන්නෙක්‌ එහෙමත් නැතිනම් පුංචි පැටියෙක්‌ එක්‌කරගන්නේ කවදාද? කියලා. ඒකටත් ඇය කිව්වේ වෙලාව ආවහම මාධ්‍යයට කියන්නම් කියලා. ඔන්න දැන් ඒ ප්‍රශ්නයට උත්තරය දෙන්න ගයේෂාට වෙලාව ඇවිත්. පසුගිය 23 වැනිදා ඇගේ 29 වැනි උපන්දිනය සමරන ගමන් ඒ ප්‍රශ්නයට උත්තරය දීලා තිබුණා.

ගයේෂා මොකද්ද මේ අලුත් ආරංචිය ? ඔව් මම දැන් අම්මා කෙනෙක්‌ වෙන්නයි යන්නේ.

මව් පදවියට සැරසෙන මේ මොහොතේ මොකද ඔබට හිතෙන්නේ? ගොඩක්‌ සතුටුයි. ගැහැනියකට මොනදේ තිබුණත් වැඩක්‌ නැහැ මව් පදවියක්‌ නැතිනම්. ඉතින් මේ වෙලාවේ ඒ සතුට මට ඉතාමත් විශේෂයි.

ඇයි මේ ආරංචිය මාධ්‍යයට වසන් කළේ ? ඇත්තටම මෙහෙමයි ක්‍ෂේත්‍රයේ අය නම් මේ ගැන දැනගෙන හිටියා. මොකද මම දිගටම වැඩ කරපු නිසා. මාධ්‍යයට කියන්න හදිස්‌සියක්‌ තිබුණේ නැහැ. කොහොමත් මාස පහක්‌ හයක්‌ යනකන් එහෙම කියන එක හොඳ නැහැ කියලා තමයි මට හිතුනේ. දරුවෙක්‌ ලැබෙන්න ඉන්නවා කියන එක මාධ්‍යයට ප්‍රදර්ශනය කරන්න තරම් දෙයක්‌ නෙමෙයි. හරි කාලය එනකන් සහ මාව ඒ විදිහට දකිනකම් හිටියා මම.

ඔබ හිතනවද මේක තමයි මාධ්‍යයට කියන්න හොඳම වෙලාව කියලා? ඔව් මම හිතනවා මේක තමයි හොඳම වෙලාව කියලා.

පසුගිය දිනවල ගැබිනි මව්වරුන් වෙනුවෙන් දානමය පිංකමක්‌ සිදු කළේ මේ ගැන රසිකයින්ට කියන්නද? නැහැ හැම අවුරුද්දකම මගේ උපන්දිනයට මම ඒ වගේ දේවල් කරනවා . ගිය අවුරුද්දෙත් එහෙමයි. මේ අවුරුද්දේ ද්‍රව්‍යමය දාන පිංකමක්‌ තමයි සිදුකළේ. මොකද මේ වෙලාව මට විශේෂයි. ඒක නිසා මේ වගේ දෙයක්‌ කරන එක ගොඩක්‌ වැදගත්. ගැබිනි මව්වරුන් හැත්තෑපහක්‌ වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ ලබා දුන්නා. අම්මා කෙනෙක්‌ වෙන්න යන කෙනෙකුගේ හිතේ තියෙන බලාපොරොත්තුව කොයි විදිහටද තමාගේ දරුවට අත්‍යාවශ්‍ය කරන උපකරණ ලබාගන්නේ කියලා. ඉතින් ඒ ලබාගන්aන බැරි සහ ලබාගන්න ආදායමක්‌ නැති සියලුම දෙනා ගැන හිතලා තමයි මම ඒ වගේ දෙයක්‌ කළේ. ඒක ගොඩක්‌ ප්‍රයෝජනවත් වැඩක්‌ කියලා මං හිතනවා.

කීවෙනි උපන්දිනයද මේ අවුරුද්දේ සැමරුවේ? ඒ විසිනම වැනි උපන් දිනය

ගයේෂා කැමති දුවෙකුටද පුතෙකුටද? එහෙම විශේෂයක්‌ නැහැ. පළවෙනි දරුවා නිසා ඉතින් මට එයාව ගොඩක්‌ වටිනවා. දුවෙක්‌ වුණත් පූතෙක්‌ වුණත් ලැබෙන කෙනාව සතුටින් භාර ගන්නවා.

ඔබේ සැමියා කැමති කාටද? හසන්ජිත් සහ එයාගේ පවුලේ අය නම් වැඩිපුර කැමති දුවෙකුට. කොහොම වෙයිද දන්නේ නැහැනේ. බලමු ඉතින්.

මේ වෙලාවේ හසන්ජිත් සහ ඔහුගේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. එයාගේ නංගිලා දෙන්නාගෙන්. ඒ වගේම අම්මගෙන් විතරක්‌ නෙමෙයි නෑදැයෝ පවා උදව් කරනවා. මේ වෙලාවේ ඒ අයගේ ආදරය නොඅඩුව ලැබෙනවා. මේ වෙලාවේ එයාලත් ගොඩක්‌ ආසාවෙන් ඉන්නේ දරුවා ලැබෙනකම්. ඒ වගේම හසන්ජිත් හෙවනැල්ල වගේ මගේ පස්‌සෙන්ම ඉන්නවා. ගෙදරදොරේ වැඩ පවා එයා කරන අවස්‌ථා තියෙනවා.

මේ දිනවල රංගනයෙන් ඈත් වෙලාද? මට රංගනයෙන් ඉවත් වෙන්න කාලයක්‌ තිබුණේ නැහැ. පසුගිය 9වැනිදා වෙනකන් මම වැඩ කළා. මොකද භාරගත්ත වැඩ තිබුණු නිසා. බබා බඩේ තියාගෙන මම රගපෑවා.

ඒ මොහොතේ අධ්‍යක්‍ෂවරන් ඔබට දුන් සහයෝගය කොහොමද? මාත් එක්‌ක වැඩ කරපු අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකවරුන් මට ඉතාම හොඳ සහයෝගයක්‌ ලබා දුන්නා. ඒ වගේ ක්‍ෂේත්‍රයේ අයත් එහෙමයි. ඒ නිසා හොඳින් ඒ වැඩකටයුතු ටික නිමා කරගන්න පුළුවන් වුණා.

මේ දිනවල ඔබේ දේශපාලන වැඩකටයුතු කොහොමද ?ඒවත් කරගෙන යනවා. මේ දිනවල අපේ කාන්තා සංවිධානයට අලුතින් සාමාජිකාවන් බඳවා ගන්නවා. අපේ නිලධාරි මණ්‌ඩලයත් ඉතාම උනන්දුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා.

මේ මොහොතේ රසිකයින්ට කියන්න තියෙන්නේ මොනවද ? එයාලත් ආසාවෙන් ඇති බබා බලන්න. ඒකට ඉතින් ඉදිරියේදි අවස්‌ථාවක්‌ ලැබෙයි. මේක මට ආදරය අවශ්‍යම කාලයක්‌. ඉතින් හැමදාම වගේ මේ වෙලාවෙත් මාත් එක්‌ක ඉන්න කියලා රසිකයන්ට කියනවා.

කසුන් රණවීර

ඡායා – අසන්ත ප්‍රදීප් ගමආරච්චි

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar