ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුරයට

1478333130_6673188_hirunews_rain2අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් රත්නපුර – බොරලුඔය ප්‍රදේශයට ලැබී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය මිලිමීටර 95.5 ක් ලෙස සටහන් ව තිබූ බවයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ද ඊයේ රාත්‍රියේ සිට අලුයම් කාලය දක්වා දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව අප වාර්තාකරුවන් කියා සිටියා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන හත්වනදා දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

මේ අතර, ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් හඟුරන්කෙත – ගෝනපිටිය ගම්මානයේ පවුල් 16කට අයත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

ගෝනපිටිය ප්‍රජා ශාලාවේ රදවා සිටින ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන වැසි සමඟ නාය යාමේ අවදානමක් පවතින ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර සඳහන් කළේ.

Share this post:

Related Posts

Leave a Comment