ජනපති අද ඉන්දියාවට

maithri-700iio-150x150දුම්කොළ භාවිතය පාලන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන විශේෂ සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (06) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීයාවේ නවදිල්ලි නුවරදීයි. එහි ආරාධිත දේශනය ජනාධිපතිවරයා විසින් හෙට (07) සිදු කිරීමට නියමිතයි. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සමුළුව අමතනු ඇති.

සමුළුවට සමගාමීව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

එය බොහෝ දුරට හෙට පස්වරුවේ පැවැත්වෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar