ජනප්‍රිය පාසලක් ඉදිරිපිටදී සිසුවාට පහරදුන් පිරිස හඳුනගන්න සහාය දෙන්න (VIDEO)

police-700-7-150x150පාසලක් ඉදිරිපිටදී සිසුවෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල අතර මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

මහනුවර ප්‍රදේශයේ පිහිටා තිබෙන ජනප්‍රිය පාසලක් ඉදිරිපිටදී මෙම සිදුවීම ඇති වී තිබෙන බවටයි මේ වන විට වාර්තා වී ඇත්තේ. ඊයේ (21) දිනයේදී මෙම සිදුවීම ඇති වී තිබෙන බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම අවස්ථාවේ පාසල ඉදිරිපිට විශාල පිරිසක් රැස්වී සිටියදී මෙලෙස පිරිසක් පාසල් සිසුවෙකුට පහරදීම අදාළ වීඩියෝවේ පැහැදිළිව දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් අද (22) දහවල් වනතෙක් තමන් වෙත නොලැබුණු බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව අදාළ වීඩියෝව සහ හෙළි කරගත් තොරතුරු නෙත් නිවුස් පොලිසියට ලබාදුන්නා.

පසුව කළ විමසුමක දී පොලිසිය පැවසුවේ අපරාධ, රථවාහන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙත මෙම තොරතුරු වාර්තා කළ බවයි. ඒ අනුව අදාළ විමර්ශන සිදු වන බව ද පොලිසිය පැවසුවා.

මෙම පහරදීම සිදුකරන පුද්ගලයින් පිළිබඳව හඳුනාගැනීම සඳහා පොලිසියට සහාය දැක්වීමට ජනතාවටද හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් ඔබ මෙම පහරදීම සිදුකරන පුද්ගලයින් පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීමෙන් සහාය දක්වන්න.

(එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින් බලන්න.)

 

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar