ඩෙනිම් අඳින්න ලොකු ආසාවක් තිබුණා

Mahinda prasad masimbula01. ඔයා ඒ කාලේ තාරුණ්‍යයයි අද තාරුණ්‍යයි අතර වෙනසක් දකිනවාද?

ලොකු වෙනසක් දකිනවා. දුරකතනය, අන්තර්ජාලය හරහා මේ වෙද්දී තාරුණ්‍යය ලොකු වෙනසකට ලක්වෙලා තියෙනවා. වත්මන් සමාජයේදී තාක්‍ෂණයේ දියුණුවත් එක්ක මුළු විශ්වයම ෆෝන් එකේ එක බට්න් එකකට ගන්න පුළුවන් වෙලා තියෙනවා කිව්වොත් හරියටම හරි. ඒ දේවල් සාර්ථකත්වය වෙනුවෙන් එකතු කරගත්තොත් ඒක හුඟක් වටිනවා.

02. ඔයාගෙ තරුණ කාලේ ජීවත් වෙන්න ලොකු කට්ටක් කන්න වුණාද?

ඔව් ඇත්තටම. ඒක ලොකු දුෂ්කර බවක්. මම සාමාන්‍ය පවුලක කෙනෙක්. මම අවම පහසුකම් යටතේ තමයි හැදුණේ වැඩුණේ. ඒ නිසා මම නම් සෑහෙන්න කට්ටක් කෑවා.

03. අද ඉන්න තාරුණ්‍යයත් ජීවත් වෙන්න ඒ මහන්සියම ගන්නවා කියලා හිතනවාද?

එහෙමම හිතන්නේ නැහැ. අද වෙද්දී තාක්ෂණය දියුණුයි. නමුත් ඔවුන් ස්වභාවධර්මයෙන් අෑත්වෙලා ජීවත් වෙන්නේ. අපේ කාලෙට වඩා ඒ මහන්සිය තරමක් අඩු ඇති කියලා හිතනවා.

04. ඒ කාලෙදී ආදරේ කියන දේ මොන විදියකට හිතට දැනුණේ?

ආදරේ ගැන පොඩි කුතුහලයක් තිබුණේ. ඒත් ආදරේ අපූර්වත්වය හොයන කුතුහලයක් කිව්වත් හරි. මට පාසල් ප්‍රේමයක් ඇති කරගන්න වුවමනාවක් තිබුණා. නමුත් ඒකට ඉඩක් ලැබුණේ නැහැ.

05. මුල්ම පෙම්වතියට ඔයාගේ ආදරේ ප්‍රකාශ කරන්න කොච්චර මහන්සි වුණාද?

ගොඩක් උත්සාහ කළා. ඒත් එයාගේ ඉස්සරහට ගිහින් කියන්න තරම් හයියක් මට තිබුණේ නැහැ. මම වැඩිපුරම කළේ එයාට ලියුම් ලියලා දෙන එක. ඒ කාලේ මගේ අත්අකුරු ලස්සනයි. ඉතින් මම හිතුවා අකුරුවලට ආකර්ෂණය වෙයි කියලා. නමුත් එහෙම වුණෙත් නැහැ. ඊට පස්සේ මම කවි ලියලා දුන්නා. ඒවත් කියවපු පාටක්වත් තිබුණේ නැහැ.

06. ඒ කාලේදී තිබුණු ලව් එකක් ගෙදරට මාට්ටු වෙලා තියෙනවාද?

මට නම් එහෙම අත්දැකීමක් නැහැ. නමුත් පෙම්වතියගෙ නිවෙසට ආරංචි වුණ අවස්ථා තිබුණා.

07. හා හා පුරා කියලා පෙම්වතිය මුණගැහෙන්න ගියපු විදිය මතකද?

මිතුරකුගේ මට්ටමින් තමයි මුණගැහෙන්න ට්‍රයි කළේ. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. මොකද එයාගේ අයියලා මුරකාවල් දාලා තිබුණා.

08. තරුණ කාලේ ඔයාගේ ජීවිතේ ෆැෂන්වලට මොන වගේ තැනක්ද හිමිවෙලා තිබුණේ?

කාලෙන් කාලෙට විලාසිතා වෙනස් වුණාට ඒ දේවල් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇඳලා පරණ වුණු ඩෙනිම් විකුණන තැනකින් ඉතාමත් සුළු මුදලකට අරන් තමයි ඇන්දේ. ඩෙනිම් කලිසම් අඳින්න ඇත්තටම ඒ කාලේ ලොකු ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් කැප කරන්න ලොකු වත්කමක් මටවත් අපේ පවුලේ අයටවත් තිබුණේ නැහැ.

09. කොහොමද ඒ කාලේ ෆැෂන් කරන්න අමාරුවෙන් හරි සල්ලි සොයා ගත්තේ?

මම සාමාන්‍ය ගොවිතැන් කරන පවුලක කෙනෙක්. විලාසිතාවලට වඩා මුදල් යොදවන්න අවශ්‍යතා ගොඩක් තිබුණා. මමයි මගෙ යාළුවොයි එක එක දේවල් එකතු කරගෙන ඒවා පොළට ගිහින් විකුණලා තමයි සල්ලි සොයා ගත්තේ. දිග කලිසමක් අඳින්න වුණත් මම අනික් අයට වඩා පරක්කු වුණා. කුලී වැඩක් කරලා මොනවා හරි පොළේ විකුණලා ලැබුණු මුදල් වුණත් මම වියදම් කළේ චිත්‍රකතා පත්තරයක් සඟරාවක් ගන්න.

10. ඉස්ඉස්සෙල්ලාම පෙම්වතියගේ අතින් ඇල්ලුවම මොන වගේ හැඟීමක්ද දැනුණේ?

ඒක ලොකු අපූරු අත්දැකීමක්. මම එයාගේ අතින් පළමුවැනි පාරට ඇල්ලුවේ පාර පනින අවස්ථාවකදී. එහෙම අත ඇල්ලුවේ ඇගේ ආරක්‍ෂාවට. නමුත් එහෙම අල්ලගත්ත අත කිසිම වෙලාවකදී අත්හැරියේ නැහැ. නමුත් පස්සේ කාලෙදී වුණු එක එක කරුණු කාරණා නිසා අමාරුවෙන් වුණත් ඒ
අත අරින්න වුණා.

11. ඒ කාලේදී ර්ථීඥපටභථඥ පාවිච්චි කළාද?

නැහැ. ඇත්තටම ඒ දේවල්වලට වියදම් කරන්න වත්කමක් තිබුණේ නැහැ.

12. ඒ කාලේ ආදරය කරපු පෙම්වතියගේ ර්ථීඥපටභථඥ එකේ සුවඳ මතකද?

ඇයත් ඒ දේවල් පාවිච්චි කළේ නැහැ. මට ඇයගෙන් ආවේ බේබි සබන්, ඕඩිකොලෝන් සුවඳක්.

13. මහින්ද ප්‍රසාද් මොන විදියට අඳින පලඳිනවටද පෙම්වතිය කැමැති වුණේ?

ඇය මගේ බාහිර පෙනුමට වඩා ආස කළේ මගේ නිර්මාණ කටයුතුවලට. ඒ නිසා ඇය එහෙම විශේෂ දෙයක් කියලා තිබුණේ නැහැ.

14. ගොඩක් දුක්විඳලා, මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල්වලින් මේ වෙද්දී ප්‍රතිඵල ලැබිලා තියෙනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. මම මේක තනියම ආපු ගමනක්. ආපස්සට හැරිලා බැලුවම ඒ ගමන්මඟ හරිම කටුකයි වගේම දුෂ්කරයි. අද වෙද්දී මම හැම ඉලක්කයක්ම වගේ සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒ ගැන මට ඇත්තටම සතුටුයි.

15. ඔයාගේ යූත් එක වර්තමාන යූත් එකට වඩා සාර්ථකයි කියලා හිතෙනවාද?

එහෙම හරියටම කියන්න අමාරුයි. යුගයෙන් යුගය වෙනස්. තාක්‍ෂණය අතින් බැලුවම නම් වර්තමාන පරම්පරාව සාර්ථකයි. ආකල්ප, අනෙක් දේවල් බැලුවම මගේ තාරුණ්‍ය සාර්ථකයි කියලා හිතනවා.

සමාධි ඕබඩ ආරච්චිMahinda prasad masimbula

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar