තරුණියක් විසින් කසාද බඳින්න පත්තරෙන් සොයාගත්ත දොස්තර මනාලයා දැම්ම සෙල්ලම මාට්ටුවෙලා

  11849-referring-to-find-doctor-woman-married-groom-threw-game1870889580මංගල යෝජනාවක් පුවත්පතක පළකරමින් ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා වීසින් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මහනුවර ප්‍රදේශයේ රජයේ ආයතනයක රැකියාවක් කරන තරුණියක් රවටා තිබුණ නිසයි මෙහෙම අත්අඩංගුවට අරන් තියෙන්නේ.

එම ව්‍යාජ වෛද්‍යවරයා දකුණු පළාතේ පදිංචි පුද්ගලයෙක්ය.

මේලෙස වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා එම තරුණියගේ මව්පියන්ට කතා කර සිය කැමැත්ත ලබා දීලා.

ඉන් අනතුරුව මෝටර් රථයකින් තරුණිය බැලීමට ඇයගේ නිවසටද ගිහින්.

එලෙස නිවසට ගිහින් තිබුණේ කුලී පදනම මත ගත් මෝටර් රථයකින් වන අතර එම රථයේ රියදුරාට නිතරම ඩොක්ටෙර් ලෙස අමතන ලෙස අදාළ පුද්ගලයා විසින් උපදෙස් දී ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ දැන හඳුනා ගැනීමට කල් ගතවන විට එමපුද්ගලයාගේ නමින් දකුණු පළාතේ වෛද්‍යවරයෙකු සිටීම නිසයි තරුණිය සහ ඇයගේ මව්පියන් රැවටීමට ලක්වෙලා තියෙන්නේ.

අදාළ සැකකරු තරුණිය හමුවීමට මහනුවර ගිය අවස්ථාවන් වලදී රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පුද්ගලයා බොරු වෛද්‍යවරයෙකු බව හෙළිවීමෙන් අදාළ තරුණිය ඔහුව මග හැරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 10ක් ඉල්ලා තර්ජනය කර තිබෙනවා.

මේ පිළිබඳව තරුණිය බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා බොරැල්ලට පැමිණි අවස්ථාවදී ඔහු අත්අඩංගුවට ගත්තා.

Share this post:

Recent Posts

Leave a Comment