‘දැන් ලංකාවට තමිල්නාඩු බලපෑම් අඩුවෙයි’

map-700-150x150ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ තමිල්නාඩු බලපෑම් අඩුවනු ඇතැයි උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් පවසනවා.

ඔහු කියා සිටියේ ජයලලිතා ජයරාම් තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ධූරය දැරූ සෑම අවස්ථාවකදීම ශී‍්‍ර ලංකාවේ ගැටලුව පිළිබඳව දැඩිව කටයුතු කළ බවයි. සිවාජිලිංගම් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව සහ ඉන්දීය ධීවර ගැටලුව සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් දැරූ ස්ථාවරය පිළිබඳවද නෙත් නිවුස් සිවාජිලිංගම් මන්තී‍්‍රවරයාගෙන් විමසා සිටියා.

එහිදී හෙතෙම සඳහන් කළේ උතුරේ ධීවරයින්ට බාධා කිරීමට ජයලලිතා කිසි දිනෙක කටයුතු නොකළ බවයි. ඉන්දීය ධීවරයින්ගේ අයිතිය පිළිබඳව ඇය අදහස් පළ කළ බවත් සඳහන් කළා. කච්චතිව් දූපත ඉන්දියාවට දීලා හෝ ඉන්දීය ධීවරයින් ලංකාවට පැමිණීම වළක්වා ගත යුතුයි කියන ඇයගේ යෝජනාවට තමන්ද එකඟ බවත් ඔහු පැවසුවා.

මේ අතර තමිල්නාඩු නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේද ජයලලිතා ජයරාම්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ඕ. පන්නීර් සෙල්වම්. කෙසේ වෙතත් ඇගේ සමීප හිතවතියක් වන ශෂිකලා නඩරාජන්, ජයලලිතාගේ දේශපාලන න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යාමට මැදිහත් වනු ඇති බවටයි පැවසෙන්නේ.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar