නව ක්‍රමයට ඡන්දෙට එන්න ජවිපෙ බය වෙලා ලු

ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්විය යුතුයි යන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න පවසනවා.

anura-kumara-700-i-i-150x150ඔහු පෙන්වා දෙන්නේ නව ක‍්‍රමය සකස් කිරීමේ දී ඇති වූ ගැටළු රැසක් මේ වනවිට නිරාකරණය වී ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්.

එහි දී ඔහු ප‍්‍රකාශ කළේ නව කොට්ඨාස ක‍්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නේ නම් ඊට ඉදිරිපත් වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බවයි.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ද අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ පැරණි ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවයි.

ඒ අනුවයි මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් කළේ. ඊට ප‍්‍රතිචාර දැක් වූ අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න වැඩි දුරටත් සඳහන් කළේ දැනට සම්මත වී ඇති නීති අනුව මැතිවරණය පැවැත්වීම කොට්ඨාශ ක්‍රමයට සිදු වෙනු ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය දයා ගමගේ සඳහන් කළේ නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තුළ බියක් ඇති බවයි.

නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට සියලු පක්ෂ නායකයින් එකඟතාව පල කර ඇති බව ද ඔහු අවධාරණය කළා.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar