නිහඬ අමරසර උපහාර ගීතයක් සමඟ හදවතේ ගැඹුරුම ස්ථානයෙන් නැගෙන සුසුමන් මධ්‍යයේ හෙළයේ මහා ගාන්ධර්වයාට සමු දුන්නා – වීඩියෝ

artists-sing-sasara-wasana-thuru-songමුළු ජාතියම සංගීතයෙන් සුවපත් කළ අමිල මෙහෙවරක් කළ අසමසම කලාකරුවාගේ දේහය කලාකරුවන්ගේ දෙවුර මතින් මේ මොහොත වෙද්දී නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ඉදි කරන ලද සෑය වෙත ගියා.

ජනපති, අගමැති, මැති ඇමතිවරු, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ ආගමික නායකයන් ඇතුළු මහ ජනතාව එම පෙරහැරට සහභාගීවුණා.

දේහය සහිත චිතකයට ගනී දල්වද්දී සියලුදෙනාගේ දෑස් අග කඳුළු බිඳු හැලුණේ අසහාය කලාකරුවා වෙනුවෙනුයි.

අමරදේවයන්ගේ අවසන් කැමැත්ත ඉටු කරමින් “මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගමි මා” ගීතය සමඟින් හෙළයේ මහා ගාන්ධර්වයා මුළු මහත් ජාතියෙන්ම සමුගත්තා.

කලාකරුවන් එකතුවී ඒ සප්ත ස්වරයේ අරුත කියාදුන් අමිල කලාකරුවාට උපහාරයක්ම වනු පිණිස “සසර වසනතුරු නිවන් දකිනතුරු….”ගීතය ගායනා කළා.

එම වීඩියෝව පහතින්…………හෙළයේ අසහාය කලාකරුවාණෙනි, ඔබට අමාමහ නිවන්සුව ලැබේවා…….!

Share this post:

Related Posts

Leave a Comment