ප්‍රේක්‍ෂකයෝ දුක්‌ විඳගෙන සංගීත බලපු කාලේ ඉවරයි

MEE-P-02-06-22-MCරඟපෑම අතහැර දුෂ්‍යන්ත ප්‍රසංග
කලාවේ වෙනසක්‌ කරන්න හදයි

දුෂ්‍යන්ත වීරමන් අපි දන්න විදිහට හොඳ නර්තන ශිල්පියෙක්‌. ඒ වගේම රංගන ශිල්පියෙක්‌. හැබැයි මෙයා මේ ඔක්‌කොටම වඩා දක්‍ෂ ගායනයට. ඔන්න දුෂ්‍යන්ත ගායන හැකියාවෙන් අලුත් වැඩක්‌ කරන්න යනවලු. ඩී ස්‌ටාර් කියලා බෑන්ඩ් එකකුත් හදාගෙන අපේ රටේ ප්‍රසංග කලාවේ වෙනසක්‌ ඇතිකරන්න හදනවා. ඇත්තටම දුෂ්‍යන්ත මේ වැඩේ කරන්න හදන්නේ කොහොමද?. අපි දුෂ්‍යන්තගෙන් අහලා බලමු.

මොකද්ද මේ අලුතෙන් කරන වැඩේ ?

කලාකරුවන් සහභාගි වන එළිමහන් ප්‍රසංග කලාවක්‌ අති කරන්නයි මේ හදන්නේ.

තව ටිකක්‌ විස්‌තර ඇතිව කිව්වොත්?

දැනට ලංකාවේ තියෙන්නේ බෑන්ඩ් ෂෝ විතරයිනේ. ඒ කියන්නේ ගායක ගායිකාවෝ ප්‍රසංගයට සහභාගි කරගන්නේ ෂෝ එක ප්‍රසිද්ධ කරගන්න. බෑන්ඩ් එක පැයක්‌ දෙකක්‌ ගීත ගායනා කළාට පස්‌සෙ තමයි කලාකරුවන්ට ගීත ගායනා කරන්න ලැබෙන්නේ. අපි කරන්නේ ඒ ක්‍රමය වෙනස්‌ කරන ෂෝ එකක්‌. අද කාලේ එළිමහන් ප්‍රසංගයක්‌ ආරම්භ කරන්නේ රෑ දහයට විතර. ඊට පස්‌සේ බෑන්ඩ් එක සින්දු කියලා ඉවර වෙද්දි රෑ දොළහ පැනලා. ඒ නිසා හොඳ කලාකරුවන් අද කාලේ ප්‍රසංගවලට සහභාගී වෙන්නේ නෑ. අන්න ඒ ක්‍රමය තමයි අපි වෙනස්‌ කරන්න හදන්නේ.

ඔබ කොහොමද ඒ ක්‍රමය වෙනස්‌ කරන්නේ ?

මම මගේ සංගීත කණ්‌ඩායමක්‌ නිර්මාණය කළා. අපි එකතු වෙලා ‘ඩී ස්‌ටාර් ෆේ‍රන්ඩ්ස්‌’ කියලා එළිමහන් ප්‍රසංගයක්‌ කරනවා. ඒක පටන් ගන්නේ රාත්‍රී හතට. එතකොට කලාකරුවන්ට ප්‍රසංගයට සහභාගි වෙන්න පහසුයි. රෑ දොළහ පහු වෙනකම් ප්‍රේක්‍ෂකයන්ට හිටගෙන දුක්‌ විඳගෙන ප්‍රසංග බලන්න ඕන වෙන්නෙත් නැහැ.

ඇයි මේ ක්‍රමය වෙනස්‌ වෙන්න ඕනේ කියලා අදහස්‌ කළේ ?

රෑ දොළහ පහුවෙන ප්‍රසංගයක්‌ පවුලේ හැමෝටම බලන්න බැහැ. ඒ කියන්නේ මේ ප්‍රසංග වැඩිපුරම බලන්න එන්නේ තරුණ පිරිස්‌ විතරයි. ඒකෙනුත් බාගෙකට වඩා ඉන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරල එහෙම ඉන්න අය. ඒ නිසා පවුලක්‌ වශයෙන් ගිහින් බලන්න තරම් ආරක්‍ෂාවක්‌ එතන නැහැ. මේ නිසා අන්තිමේ කලාව නිසා සමාජයේ විශාල දූෂණයක්‌ සිදුවෙනවා. තවත් දෙයක්‌ තමයි කලාකරුවන්ට පාන්දර වෙද්දී ගායනා කරන්න වෙන්නෙත් වේග රිද්මයේ ගීත පමණයි. ඉතින් ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙන්නේත් කකුල් දෙකට ගීත ගායනා කරන කලාකරුවන්ට විතරයි. ඒ නිසා ඇතැම් කලාකරුවන්ට ඒකෙන් ලොකු අසාධාරණයක්‌ වෙනවා. අන්තිමේ දී හොඳ වැදගත් කලාකරුවන් මේ වගේ ප්‍රසංග වලට සහභාගි වෙන්නේ නැහැ.

ඔබේ ප්‍රසංගයට සහභාගි වෙන කලාකරුවන් කවුද?

ලංකාවේ කලාවට දායකත්වයක්‌ දෙන කලා කරුවෝ කිහිප දෙනෙක්‌ ඉන්නව. ඒ කියන්නේ සින්දු කොපි කරල වේදිකාවේ ප්‍රසිද්ධ වුණු අය නෙමෙයි. ඒ අතරින් රූකාන්ත, අතුල අධිකාරි, භාතිය සන්තුෂ්, නිරෝෂා විරාජිනී, රයිනි, ළහිරු, උමාරියා, කසුන් කල්හාර, වගේ කිහිප දෙනෙක්‌ අපි පළමු ප්‍රසංගයට සහභාගි කරගන්නවා. ඒ වගේම කථනය චන්දන පලිහවඩනගෙන්.

ඇයි එළිමහන් ප්‍රසංගයක්‌ විදිහට මේ වැඩේ කරන්න හිතුවේ ?

අර මං මුලින් කිව්ව අකටයුතුකම් සිදුවන්නේ එළිමහන් ප්‍රසංගවලදි පමණයි. ඉතින් ඒ තත්ත්වය වෙනස්‌ කරන්න එළිමහන් ප්‍රසංගයක්‌ම කරන්න වෙනවා.

එක්‌ ප්‍රසංගයකින් ඔබ කියන වෙනස සිදුවෙයිද?

නැහැ. අපි මේක ප්‍රසංග මාලාවක්‌ වගේ ලංකාව පුරා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

මේ ප්‍රසංග මාලාවට සහභාගි වෙන්නේ එකම කලාකරුවන් පිරිසක්‌ද?.

මෙහෙමයි ප්‍රසංග මාලාවම කරගෙන යන්න දැනට තෝරාගත්තු කලාකරුවන් පිරිසක්‌ ඉන්නවා. නමුත් හැමදාම එකම අයට එන්න බැරිවෙන්න පුළුවන්. එතැනදී මං අර මුලින් කිව්ව ගායක ගායිකාවන්ට අමතරව ලංකාවේ එළිමහන් ප්‍රසංගවලට එන්නේ නැති ඒත් රසිකයෝ කැමැති කලාකරුවන් තමයි අපි සහභාගි කරගන්න හදන්නේ.

සංගීත කණ්‌ඩායම ගැන විස්‌තර කළොත්?

ඔව් මම ‘ගොමර මාලා කියන සින්දුව කළා. ඒක දුෂාන්ත රාජපක්‍ෂ කියලා කෙනෙක්‌ තමයි මට කරලා දුන්නේ. ඔහුත් එක්‌ක වැඩ කරද්දී තමයි බෑන්ඩ් එකක්‌ කරන්න ඕනෑ අඩිතාලම වැටුණේ. කලින් ඉඳන් මගේ අදහසක්‌ තිබුණට ක්‍රියාත්මක කරන්න ලැබුණේ ඊට පස්‌සේ. තව සාරංග කියලා දුෂාන්ගේ යාලුවෙකුත් එක්‌ක අපි ‘ඩී ස්‌ටාර්’ කියලා බෑන්ඩ් එකක්‌ හැදුවා.

අද කාලේ සංගීත කණ්‌ඩායම් විශාල වශයෙන් තියෙනවා. ඔබේ කණ්‌ඩායමට ලොකු අභියෝගයක්‌ නෙමෙයිද?

කලාව කියන්නේ තරගයක්‌ නෙමෙයි. මම ඩාන්සින් ස්‌ටාර් වල තරග කළේ තරග කරුවෙක්‌ හැටියට නෙමෙයි. මගේ හැකියාවෙන් හොඳ දෙයක්‌ මිනිස්‌සුන්ට දෙන්න. මිනිස්‌සු කැමති වෙන්නේ නිර්මාණයට මිසක්‌ පුද්ගලයාට නෙමෙයි. මට රසිකයන් එක්‌ක එකතු වෙන්න කිසිම සංගීත කණ්‌ඩායමක්‌ සමග හෝ කලාකරුවෙකු සමග තරගයක්‌ නැහැ. රසිකයෝ කැමති දේ තමයි මම දෙන්නේ.

මේ වැඩත් එක්‌ක නර්තනය අත් හැරලද?

නැහැ. මේ ප්‍රසංගයේ විශේෂත්වයත් ඒකයි. මගේ ඩාන්සින් මේ ප්‍රසංගයෙන් මම ඉදිරිපත් කරනවා. මගේ නැටුම් කණ්‌ඩායමත් එකතු වෙනවා මේ ප්‍රසංගයේදී. මම නර්තනය ගැන කතා නොකෙරුවාට මම නර්තනය අත හැරලා නැහැ.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar