පාසලේදී උපන් කුළුඳුල් ප්‍රේමයෙන් උමතුවුණු සිසුවිය දවස් තුනක් රූම් එකක් ඇතුලේ ඉඳන් කළ වැඩේ නිසා සිහි නැතුව ඇදගෙන වැටිලා

“අම්මා මොනව කිව්වත් මම එයාට ආදරෙයි.”
“ඉගෙන ගන්න එක මම බලා ගන්නම්. අම්මලා මට කරදර කරන්න එපා.”

11844-native-born-high-school-student-three-days-obsession-love-from-inside-room-without-dragging-down-job-because-dream1636322114අපේ ජීවිතවල පාසල් කාලය කියන්නේ ඉතාම සුන්දර කාලයක්.
ඉතින් ඒක තවත් සුන්දර වෙන්නේ පාසල් යන කාලේදී ගුරුවරුන්ට සහ දෙමාපියන්ට හොරෙන් කරන පාසල් ප්‍රේමය නිසා.


පාසල් ප්‍රේමය සුන්දර වුණත් ඒ ප්‍රේම සම්බන්ධතා නිසා අධ්‍යාපනය කඩා කප්පල් කර ගන්නවා නම් එය අනිවාරෙන්ම වැරදි වැඩක්. නමුත් පාසල් කාලය තුළ ඇතිවන ප්‍රේම සම්බන්ධතා වලට ගුරු දෙගුරුන් බාධා එල්ල කරවිට පාසල් පෙම්වතුන් ඔවුන් සමඟ අමනාප වන අවස්ථාත ඕනෑතරම් දකින්නට අහන්නට ලැබෙනවා.

නමුත් මේ සිසුන්ට ගුරු දෙගුරුන් අවවාද කරමින් තරවටු කරන්නේ ඔවුන්ගේම හොඳට මිස නරකට නොවේ.

එලෙස පාසල් ප්‍රේමයට බාධා එල්ලවීම නිසා පාසල් සිසුවියක් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යාමට උත්සාක කළ පුවතක් අනරාධපුර ප්‍රදේශයෙන් වාර්තාවුණා.

මේ පාසල් සිසුවියගේ ප්‍රේම අන්දරය හේතුවෙන් සිදුවන්නට ගිය අමුතු කතාවක් මෙලෙස දිග හරින්නෙමු.( මෙහි සඳහන් නම් මනෝ මූලිකයි)

මාධවී කුඩාකල සිටම දෙමාපියන්ගේ සෙවණේ හැදුණු වැදුණු හැඩකාර සහ විසේකාර දියණියක් වුණා.

මේ හැඩකාර දියණියගේ මව්පියන්ට අවශ්‍ය වුණේ දියණියට කෙසේ හෝ සිප් සතර උගන්වා හොඳ රැකියවක් කරන හොඳ පුරවැසියෙක් කිරීමටයි.

මාධවිත් ඉගෙනුමට දක්ෂ වන අතර ඇයද මහන්සි වී ඉගෙන ගැනීමට යොමුවුණා. කාලයත් ගතවෙද්දී වැඩි වියට පත්වුණු මාධවීගේ සිතට ආදර හැඟුම් ගලා එන්න පටන් ගත්තා.

ඒ අතරේදී තමයි මාධවීගෙන් තරුණයෙකු ඇයගේ ආදරය පතන්නේ. රෝසපාට කඩදාසි කොලයක ලියවුණු ආදර හසුණක් පාසල් නිමාවෙලා ගෙදර යද්දී ඇයට ලැබුණා.

මේ හසුනට පිළිතුරු ලියන මාධවී ඔහුට ආදරේ කරන්න පටන් ගන්නවා. ඉතින් මාධවී සිය ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න තරම් සූදානමින් මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් අරන්.

කාලයත් එක්ක දෙන්නගේ ආදරයත් දළු දාලා වැඩෙන්න පටන් ගත්තා. ඉතින් ආදරයත් මෙහෙම ගලාගෙන යද්දී මාධවිගේ නිවසට මේ ආදර සම්බන්ධෙ ගැන ආරංචිවෙලා.ඉතින් එක දවසක් මධවීට මව විසින් අවවාද කර තිබුණා.

“මගේ රත්තරන් දුවේ.මේ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න.ආදරේ කරන්න තව වයස තියෙනවා. ඒ නිසා ඔය සම්බන්ධෙ නතර කරන්න” යනුවෙන් අවවාද කර තිබුණා.

නමුත් ඒ වෙලාවේදී ඇයගේ මව මාධවිට පෙනුණේ හතුරෙක් වගේ.ඇයගේ කුළුඳුල් ආදරේට කරන කරදරයක් ලෙසයි ඇය සැලකුවේ.

“අම්මා මොනව කිව්වත් මම එයාට ආදරෙයි. ඉගෙන ගන්න එක මම බලා ගන්නම්.අම්මලා මට කරදර කරන්න එපා.”

මාධවීගේ ලෝකයේ වීරයා මේ වෙද්දී ඇයගේ පෙම්වතා මිසක් මව්පියන් නොවේ. මේ නිසා මව විසින් කරන අවවාද නිසා නිතර නිතර මාධවී සිය මව්පියන් සමඟ ආරවුල් ඇති කර ගත්තා.

ඇය මේ වෙද්දී සිටියේ සාමන්‍ය පෙළ විභාගය සඳහා සුදානම් වෙන්න තිබුණ කාලයේදීයි. මේ නිසා පාඩම් කරනවා යයි පවසමින් ඇය කරන්නේ සිය ආදර ලෝකයේ කල්පනා කරමින් සිහින මැවිමයි.

මේ නිසා එක දවසක මව විසින් තරයේ කළ අවවාද කිරීමකදී රණ්ඩු සරුවල් ඇතිකරගෙන අවසානයේ සිය කුළුඳුල් ප්‍රේමය දිනා ගැනීම සඳහා නොකා නොබී ජීවත් වීමට තීරණය කර තිබුණේ සාමාන්‍ය පෙළ විභාගයටත් වඩා තම කුළුඳුල් ප්‍රේමය අවශ්‍ය නිසාය.

එලෙස නොබී සිටීමට තීරණය කර තිබෙන්නේ සිය පෙම්වතාගේ උපදෙස් අනුවයි.

එසේම සිය ආදරය දිනා ගැනීමට මාධවී විසින් පොලිසියට පැමිණිල්ලක් කරන බවට සිය මවට තර්ජනය කිරීමට තරම් ඇය ආදරෙන් අන්ධ වෙලා හිටියේ.

ඒ වගේම මානව හිමිකම් යන්නත් සුදානමින් සිටින බවයි මවට තර්ජනය කරමින් පවසා තිබුණේ.

ඇයගේ මේ මුරණ්ඩුකම නිසා මව විසින් විද්‍යාලයේ විදුහල්පති දනුවම්වත් කර ඇති අතර ඉන්පසුව ඇය ගමේ පන්සලේ ස්වාමින් වනාන්සේ ළඟට කැඳවාගෙන ගොස් තිබුණා.

මේ වෙද්දී දින තුනක් ආහාර ගන්නේ නැතිව සිටි නිසා මාධවී සිටියේ එතරම් යහපත් සෞඛ්‍ය තත්තවයක නොවේ. මේනිසා පන්සලට ගිය ඇය සිහිසුන්ව ඇද වැටුණා. එහිදී ස්වාමින් වහන්සේ විසින් ආහාර ලබා දී දැරියට අවවාද කර තිබෙනවා.

“දුවේ ඔයාගේ අම්මා මේ දේවල් නතර කරන්න කියන්නේ දුවගේ අනාගතේ ගැන හිතලා. ආදරේ කරන්නත් හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න ඕන. ඔයාට ආදරේ කරන්න තව කල් තියෙනවා. ඒ හැම ආදරේටම වඩා ඔයාට ඔයාගේ අම්මා ආදරෙයි.” යනුවෙන් ඇයට අවවාද කළේ ඇය හොඳ මඟට ගැනීමටයි.

එම අවවාද පිළිගෙන සිය කුළුඳුල් ප්‍රේමය නවත්වන බවට පොරොන්දු වී නැවතත් ඇය සිය මව සමඟ නිවසට ගියේ මානව හිමිකම් නොයන බවටද පොරොන්දුවක් වෙමිණි.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar