පැපිළියාන රෙදිපිළි අලෙවිසැලේ ගින්න තවමත්

fire-700ii-150x150පැපිලියාන ප‍්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඊයේ (19) රාත‍්‍රියේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට ගිනි නිවීම් රථ අටක් යොදවා ඇති බවයි.

ඉන් පහක් දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් රථ වනවා.

ඊයේ රාත‍්‍රී 9.00 ට පමණ ගින්න හට ගැණුනා. කෙසේ වෙතත් ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar