පිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පහ කිරීමෙන් හෝ සිහිනෙන් පහ වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇතිවනවා කියන එකත් ඇත්තද

පිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතුපිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පහ කිරීමෙන් හෝ සිහිනෙන් පහ වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇතිවනවා කියන එකත් ඇත්තද?

අපේ සිරුර හැදිල තියෙන්නෙ සප්ත ධතු වලින් කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ශුක්‍ර ධාතුවත් ඉන් එකක්.ඉතින් මෙම ධාතූන් ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වැහැරීමට හේතු වෙනව කියල මතයක් තියෙනව.ඒ මතය සමාජයෙ ගොඩල් කිඳා බැහැපු මතයක්.

සමහරු කියනව ශුක්‍ර බිංදුවක් හැදෙන්න ලේ බිංදු 500ක් පමණ උවමනා වෙනව කියල.ඒ මතේ උඩම ඉඳගෙන එයාල කියනව ශුක්‍ර ධාතු ඉතින් ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාව නොහොත් පාණ්ඩුව ඇති වෙන්නත් පුලුවන් කියල.නමුත් ඒ මතයද යටපත් වෙන්නෙ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය චන්න විජේසිංහ මහතා දුන් දේශන කොටසකට අනුවයි.

“හිස් ගෙඩියන්ගේ හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රාණු කෝටි ගණන් වෘෂණ යුගල තුල නිර්මාණය වේ.ශුක්‍රාණු වල ප්‍රමාණය ශුක්‍ර තරලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නෙ.ශුක්‍ර තරලය නිෂ්පාදනය වෙන්නෙ ශුක්‍ර ආශයිකා සහ පුරස්ථි ග්‍රන්ථි තුලයි.ලිඳේ උල්පතකින් වතුර උනනව වගේ ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය නිතිපතාම අපේ සිරුර තුල නිෂ්පාදනය වෙනව.හරියට අපේ කටට කෙළ උනනව වගේ.ඛෙඨ ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ.ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙළ ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනෙ.”

මේ කතා කලේ ස්වයං වින්දනය හා ඒ ආශ්‍රිත සුලභ ගැටලු කීපයක් විතරයි.හුදෙක් විනෝදයක් ගෙන දෙන දෙයකට වඩා වටිනා හරාත්මක දෙයක් දෙන එක හොඳයි කියල හිතුන.ගන්න දෙයක් තියේ නම් අරන් යන්න.කමෙන්ට් නැතුවට කමක් නෑ.හැකිනම් ඇනෝ හරි ඇවිත් සප් එකක් දෙන්න.මගේ ඊලඟ ලිපිය වැදගත් වේවි දරුවෙකු බලාපොරොත්තු වන ඔහුට හෝ ඇයට.එතකන් සමුගන්නම්…

Share this post:

Related Posts

Loading...

Leave a Comment