මඩකලපුව මංගලාරාමය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

police-700-1-150x150මඩකලපුව මංගලාරාමය සහ ඒ අවට ප‍්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ, ඊයේ (03) රාත‍්‍රියේ එම ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමගයි. මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමට සැදැහැවතුන් පිරිසක් පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් මාර්ග බාධක යොදා ආරක්ෂක අංශ ඔවුන්ගේ පැමිණීම වළක්වනු ලැබුවා. එම නිසා අදාළ ආගමික උත්සවය ද සිදු කෙරුණේ නැහැ.

මේ අතර කිසියම් කලහකාරී පිරිසක් ඊයේ රාත‍්‍රියේ මඩකලපුව පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වූ අතර ඔවුන් පොලිස් නිලධාරීන්ට බිත්තර ප‍්‍රහාරයක් ද එල්ල කළා.

එම අවස්ථාවේ දී නොසන්සුන්තාවක් ඇති වූ අතර පොලිසිය එය පාලනය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar