මම ලංකාවේ මුදල් ඇමති – චීනයේ මුදල් ඇමති නොවෙයි

‘මම ලංකාවේ මුදල් ඇමති – චීනයේ මුදල් ඇමති නොවෙයි’ -රවී

 

f9a9b7c9f33a923e5475b478a62125ae_lතමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති විනා චීනයේ මුදල් ඇමති නොවන බව චීන තානාපති යී ෂියැංලියන්ග් මහතා පසුගියදා එල්ල කළ විවේචනයට ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍යවරයා අද (03) අවධාරණය කළේය.

චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් විවේචනය කරමින් පසුගිය අඟහරුවාදා (නොවැ.01) චීන තානාපතිවරයා මාධ්‍ය හමුවක් ඇමතුවේ, ණය පිරිවැය වැඩිනම් තවදුරටත් චීනයෙන් ණය ඉල්ලන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කරමිනි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මුදල් අමාතවරයාගෙන් කරුණු විමසුවේ ඔහු අද මහනුවර සංචාරයක යෙදී සිටින අතරතුරය.

චීන තානාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේය.
තඹ සතයක් හෝ ඉතිරිකර ගැනීමට :
තමා චිනයේ මුදල් ඇමති නොව ශ්‍රී ලංකාවේ මුදල් ඇමති බව තානාපතිවරයාට මතක්කර දෙන්නේයැයි පැවසූ ඇමතිවරයා, තමාගේ උත්සාහය ඉතිරි කරගත හැකි තඹ සතය හෝ ජනතාව වෙනුවෙන් ඉතිරි කිරීම බව කියා සිටියේය.

එම උත්සාහයේදී දූෂණයක් හෙළිදරව් වේ නම් ඊට තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

“2% වඩා අරන් නැත්නම් අපි 2% ගානෙම ණය ටික ගෙවන්නම්, ජනාධිපති මාව පත්කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මුදල් ඇමති වශයෙන් මිසක් චිනේ මුදල් ඇමති හැටියට නෙවෙයි, ඒ නිසා අපිට අඩුකරන්න පුළුවන් හැම දේම ජනතාව වෙනුවෙන් මම අඩුකරනවා” යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් පැවසීය.
චීන රජයේ අනුදැනුම මත :
කෙසේවුවද තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, වත්මන් ආණ්ඩුව සහ එහි මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා විසින් චීනයට එරෙහිව නගනු ලැබූ එක්තරා චෝදනාවකට එරෙහිව මෙරට සිටින ශ්‍රී ලංකා තානාපති යි ශියන්ලියන් මහතා පසුගිය 02දා මාධ්‍ය හමුවක් කැඳවා සිදුකල වාග් ප්‍රහාරය, චීන රජයේ ප්‍රධානීන්ගේ අනුදැනුම මත ඉතාම මැනවින් සංවිධානය කළ කටයුත්තක් බවයි.

ඔහු ආණ්ඩුවට ප්‍රභල සහ ශක්තිමත් චෝදනාවක් කරමින් දොස් පැවරිය.

“අපි ( චීනය) කරපු දේවල් වලට ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම රටේ ජනතාව කෙළෙහිගුණයක් දැක්විය යුතු බව” හෙතෙම සඳහන් කළේය.

ඉතාම කලාතුරකින් පමණක් දැක ගත හැකි මෙම රාජ්‍යතන්ත්‍රීක ප්‍රහාරයේ දී තානාපතිවරයා, “ ශ්‍රී ලංකා ආණ්ඩුව සීයට 5.8 පොලියට යුරෝපයෙන් ණය ගත්තේ, නමුත් චීනය සීයට දෙකේ පොලියටයි ණය දුන්නේ. එතකොට ඒක සාදාරණයිද?” ප්‍රශ්න කළේය.
අහිතකර තත්වයක් :
මෙම කාරණය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දැක්වූ හිටපු රාජ්‍ය තන්ත්‍රීක නිලධාරියකු පැවසුයේ, මුදල් ඇමතිවරයා චීනය සම්බන්ධයෙන් කල ප්‍රකාශය රටට අතිශයින්ම අහිතකර බවයි.

චීන සමාගමක් මෙරට ව්‍යාපෘති ගැනීම සඳහා අල්ලස් දීමක් සිදු කළේ නම්, එය විසඳා ගත යුතුව තිබුණේ ගෞරවනීය ලෙස රාජ්‍යතන්ත්‍රීක මිස, ඊට දේශපාලනික මුහුණක් ලබා දීමෙන් නොවන බව ඔහු සඳහන් කළේය.

Share this post:

Recent Posts

Loading...

Leave a Comment