මැතිවරණ පරාජයෙන් පසු හිලරි ක්ලිටන් කළ සංවේදී කතාව (VIDEO/PHOTOS)

234453453-150x150මැතිවරණ පරාජයෙන් පසු පළමු වරට හිලරි ක්ලින්ටන් එරට වේලාවෙන් ඊයේ පෙරවරු 11 පමණ සිය ඡන්ද දායකයින් ඇමතුවා.

ඇය ජයග්‍රහණය සැමරීමට සැළසුම් කළ නිව්යොර්කිහි පිහිටි හෝටලයකම ඇගේ අවසන් කතාව කිරීමට සිදුවීම සුවිශේෂි සිදුවීමක් වුණ අතර මේ අවස්ථාවට අගේ සැමියා වන බිල් ක්ලින්ටන් හා දියණිය වන චෙල්සි ක්ලින්ටන් සහභාගී වී සිටියා.

මෙහිදී ඉතා සංවේදී කතාවක් කළ හිලරි ක්ලින්ටන් පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයා බවයි.

‘‘ඩොනල්ඩ් ට්‍රම්ප් අපගේ මීළඟ ජනාධිපතිවරයායි අප සෑම දෙනාම විවෘත මනසකින් යුතුව නායකත්වය ලබාදීමට ඔහුට අවස්ථාව ලබා දිය යුතුයි.‘‘

‘‘මම බලාපොරොත්තු වෙනවා ඔහු සියලු ඇමරිකානුවන්ට හොඳ ජනාධිපතිවරයෙකු වේවි කියා‘‘

‘‘පසුගිය රාත්‍රීයේදී මම ඔහුට සුභ පැතුවා අපගේ රට වෙනුවෙන් ඔහු සමග වැඩ කිරීමට සූදානම් යැයි පැවසුවා‘‘

‘‘අප ඉතා මහන්සියෙන් වැඩ කළේ මෙවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් නොවෙයි.නමුත් අප සෑම දෙනා එක්වී කළ සටන ගැන මට ආඩම්බරයි.‘‘

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව වීම තමා ජීවිතයේ ලද විශාලම භාග්‍ය බව හිලරි ක්ලින්ටන් මෙහිදී පවසා සිටියා.ඇය මැතිවරණය ජයග්‍රහණය කළා නම් එරට ජනාධිපති වූ පළමු කාන්තාව ලෙස ඉතිහාස ගත වීමට නියමිතව තිබුණා.

‘මේක දිගු කාලයකට ගොඩක් ලොකු වේදනාවක් වේවි‘ යැයි හිලරි පැවසුවා.

කතාව කරන අතරතුරදි ඇය අවස්ථා කිහිපයකදී ඉතා සංවේදී වූ අතර ,අගේ මැතිවරණ ව්‍යාපරයට සහය දුන් බොහෝ දෙනාද සංවේදී වන අයුරු දැක ගැනීමට ලැබුණා.

තමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස මෙතෙක් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ හොඳම පිරිස බවද කියා සිටි ඇය, වත්මන් ජනාධිපති බරැක් ඔබාමාද අගය කරමින් කතා කළා.

3a36119800000578-3920292-image-a-149_1478711592329

3a3635b200000578-3920292-image-a-190_1478715185274

3a36193d00000578-3920292-image-a-170_1478714337392

3a36160800000578-3920292-image-m-157_1478711909633

Share this post:

Related Posts

Loading...

Leave a Comment