මැරිච්ච මාළු කිලෝ පනස්දහසක් ත්‍රි’මලේ වෙරළටත් ගොඩගහලා

 

Trinco Fresh fish deathත්‍රිකුණාමලය, සිරිමාපුර හා ජමාලියා වෙරළ තීරයට මියගිය මසුන් විශාල ප්‍රමාණයක් ඊයේ (3දා) පෙරවරුවේ සිට ගොඩගසමින් තිබෙන බව ප්‍රදේශවාසීහු කියා සිටිති. මේ හේතුවෙන් තම දෛනික ජීවනෝපායට මෙන්ම පාරිසරික ගැටලු රැසකටද මුහුණදී ඇති බවද හෙතෙම පැවැසීය.

මෙසේ මියගොස් ඇති මසුන් ප්‍රමාණය කිලෝ පනස් දහසකට වඩා වැඩි බවත්, වැඩි මසුන් ප්‍රමාණයක් මුහුදේ පාවෙමින් පවතින බවත් ධීවරයෝ කියා සිටිති. පෙර දිනයේ මාදැලකට මසුන් විශාල ප්‍රමාණයක් හසුවී මියගොස් ඇති බවත් පසුව දැල ඉරීයැම හේතුවෙන් මෙම මියගිය මසුන් වෙරළට ගොඩගසා ඇති බවත් ඇතැම් ධීවරයන් පවසන අතර තවත් පිරිසක් කියා සිටින්නේ ඩයිනමයිට් හා තහනම් දැල් ආම්පන්න යොදා ධීවර රැකියාවේ යෙදීම හේතුවෙන් මෙම මසුන් මියගොස් වෙරළට ගොඩගසා ඇති බවය.

ත්‍රිකුණාමලය – ඉන්ද්‍රචාප ලියනආරච්චි , ලක්මාල් බදුගේ

Share this post:

Recent Posts

Leave a Comment