වව්නියාවේ ව්‍යාපාරිකයන්ට පොලීසියෙන් දැනුම්දීමක්

police-logo-150x150සිය ව්‍යාපාරික ස්ථානවලට අලුතින් සේවකයින් බඳවා ගැනීමේදී ඔවුන්ගෙන් පොලිස් වාර්තාවක් ලබාගැනීම අනිවාර්යයෙන් සිදු කරන්නැයි පොලීසිය විසින් වව්නියාවේ ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක් කරනු ලැබ තිබෙනවා.

වව්නියාව සහ මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ හමුදාව හැරගිය සාමාජිකයින් සේවයට බඳවා ගන්නේ නම් ඔවුන්ගෙන් නීත්‍යානුකූලව සේවය හැරගිය බවට වූ සහතිකය ලබාගන්නා ලෙසයි.

එමෙන්ම සෑම වෙළඳසැලකටම සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන ලෙසටත් වෙනත් ආරක්‍ෂක ජාලයක් කි‍්‍රයාත්මක කරන ලෙසටත් පොලීසිය විසින් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක් කරනු ලැබ තිබෙනවා

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar