වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා මැතිව්ස් (PHOTOS)

15281914_407778202946179_1227025295_n-150x150ඩයලොග් වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිිමි සම්මානය දිනා ගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

සම්මාන උළෙල ඊයේ රාත්‍රී පැවැත්වුණේ කොළඹදීයි.

ප්‍රධාන ආරාධිතයා ලෙස පාකිස්තානු කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්‍රම් මෙම අවස්ථාවට එක් වුණා.

සම්මාන උළලේදී වසරේ ජනතාවගේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ තිලකරත්න ඩිල්ෂාන්.

වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයාට සහ වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන දෙකම දිනා ගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගත් අතර වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් සම්මාන දිනා ගත්තා.

වසරේ දක්ෂතම එක්දින පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ කුමාර් සංගක්කාරයි. වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන දිනා ගත්තා.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

වසරේ දක්ෂතම පන්දුවාර විස්ස පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ තිලකරත්න ඩිල්ෂාන්.

වසරේ දක්ෂතම පන්දුවාර විස්ස පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන දිනා ගත්තා.

15228008_407778272946172_1708551831_n15281799_407778256279507_594786324_n15281838_407778289612837_1440267754_n15281914_407778202946179_1227025295_n15310221_407778282946171_53495999_n-115319401_407778262946173_986874965_n

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar