සමහර අය කියනවා.. ඔයා නිසාමයි ෆිල්ම එක බැලුවේ කියලා.

201f61030-gossipcතනාෂා තමයි මගේ නම. නමුත් දැන් දිෂානි කිව්වාහම මේ දවස් වල අඳුරගන්නවා.දැන් ඔයා සෑහෙන කාර්යබහුල වෙලා නේද?කාර්ය බහුලයි…. දිෂානි එච්චරටම
ජනප්‍රියයිද? මේ දවස්වල ඉතින් වැඩි පුර අවධානයක් ලැබිලානේ තියෙන්නේ.තනාෂා කොහොමද දිෂානි වෙන්නේ? මගේ පළමු චිත්‍ර‍පටය. මට ආරාධනා ලැබෙන්නේ නලීන් අයියාගෙන්. ඔහුට මා හඳුන්වලා දෙන්නේ රොෂාන් රණවන. චිත්‍රපට රංගනයක් කිව්වාහම මුලින්ම හිතේ පොඩි බයකුත් ඇති වුණා.නමුත් නලීන් අයියා ගෙදරටම ඇවිත් ස්ක්‍රිප්ට් එක දුන්නා කියවලා බලන්න කියලා. ඉතින් බය වෙන්න කිසිම දෙයක් ඒ චරිතෙ තුළ තිබුණේ නැහැ. අනික පොඩි කාලේ ඉඳලම රඟපාන්න මම කැමැත්තෙන් හිටියේ. ඒ නිසා මම බාර ගත්තා.

ඔබ මාධ්‍යවේදිනියකගේ චරිතයටයි පන පොවන්නේ? ඔව්. දිෂානි කියන්නේ දුවලා පැනලා සමාජයේ වැරැදි වැඩ පෙන්වලා දෙන අමුතු චරිතයක්.ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නැහැ. ස්ක්‍රිප්ට් එක ලැබිලා සති දෙකක වගේ කෙටි කාලෙකින් ෂූටිං පටන් ගත්තා. නමුත් ඒ කාලය අතරතුර ඒ චරිතය ගැන සෑහන දේවල් මට නලින් අයියා කියලා දුන්නා.

මේ තනාෂාගේ ප්‍රථම රංගනය නෙවෙයි නේද? නැහැ. මිට කලින් එකම එක ටෙලි නාට්‍යක රඟපාලා තියෙනවා. වෙළඳ දැන්වීම් වලටත් පෙනී ඉඳලා තියෙනවා.

ඉතින් ඒ රංගනය ගැන ඔබ තෘප්තිමත්ද? ඔව්. මගේ රංගනය ගැන අනිවාර්යෙනම තෘප්තිමත්.

එහෙනම් ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමුකෝ? මේ මගේ පළමු සිනමා රංගනය නිසා හිතේ ලොකු බයක් තිබුණා.ගොඩක් අඩුපාඩු ඇතියි කියලා හිතුණා. නමුත් මාධ්‍ය දර්ශනයෙදී හැම කෙනෙක්ම වගේ ගොඩක් හොඳ කිව්වා. එදා සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණේ. ඒ ප්‍රතිචාර මම බලාපොරොත්තු වුණේම නැහැ.

ඒ අතර වැඩි ප්‍රතිදෙචාර පිරිමි ළමයින් ගෙන් නේද? ඔව්. සමහර අය කියනවා ඔයා නිසාමයි ෆිල්ම එක බැලුවේ කියලා.

දැන් එහෙනම් රංගනයට තව ආරාධනා ලැබිලා ඇති? තව චිත්‍ර‍පට දෙකක් කළා. මේ චිත්‍ර‍පටයෙන් පසු තව එකකට ආරාධනා ලැබුණා.

නවකයන්ට ලැබෙන සහය ගැන කිව්වොත්? මං වැඩ කරපු නිර්මාණයට ප්‍ර‍වීණයෝ ගොඩ දෙනෙක් දායක වුණා. මං දැන්නේ නැති දේවල් කියලා මට වැඩි පුර උදව් කළේ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ.ඔවුන් හරිම සුහදයි.

පුංචි තිරයට එන්න අදහසක් නෑ වගේ? සිනමාවට තමයි වැඩි කැමැත්ත. දැනට සිනමාවෙන් ඉස්සරහට ගියොත් හොඳයි කියලා හිතනවා.

තනාෂා කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ? ‘මිස් ග්ලොබ් ඉන්ටර්නැෂනල්’ තරඟය නියෝජනය කළා. ඉන් මට නිරූපන ශිල්පිනියක් විදිහට පිවිසෙන්න වරම් ලැබෙනවා. නිරූපණයෙන් නිළියක් වෙන්න වරම් ලැබුණා.

ආදර යෝජනා එහෙමත් දැන් වැඩි ඇතියි? ඔව්. නමුත් ඒ පැත්ෙන් පිලිවෙලක් වෙන්න ටික කාලයක් යයි.

ටානියා මෝසස්

2016-11.03

Share this post:

Related Posts

Loading...

Leave a Comment