ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?

ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?

දිනක් විශේෂඥ වෛද්‍ය ආරියසේන ගමගේ මහතා හමු වීමට විවාහ වී ඇති මුත් වසර දෙකක් පුරාවට දරුවන් අහිමි යුවලක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.මෙහිදී ස්වාමි පුර්ෂයා කියා ඇත්තේ,

“සර්, දැන් මගේ වයස අවුරුදු 26යි.මට මතක ඇති කාලෙක ඉඳල, ඒ කියන්නෙ දැනට වසර 10ක පමණ තිස්සෙ ඉඳල මම දවසට දෙතුන් වතාවක්ම, ඇතැම් විට පස් හය වතාවක්ම ස්වයං වින්දනයේ යෙදුනා.දැනුත් එහෙමයි.අපිට ළමයි නැත්තෙ මගෙ ධාතු ශක්තිය අඩු වෙලාවත්ද? ” කියලයි.

ඔහුව පරීක්ෂා කල වෛද්‍ය අදහස වී ඇත්තේ ඔහු බෙහෙවින්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි.මදසරු බවේදී මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ පිරිමියාගේ ශුක්‍රාණු වේ.මෙහිදී ඒ තුල ශුක්‍ර තරල නිසි ප්‍රමාණයක අවැසි තරම් ශුක්‍රාණු ඇත්ද යන බවත්, ඒ තුල උවමනා චලන හැකියාව තිබෙනවද යන බවත් ඇතුලුව කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරයි.මෙම පරීක්ෂණය හඳුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) හෙවත් ශුක්‍ර තරල විශ්ලේෂණය යනුවෙනි.ශුක්‍රාණු විශ්ලේෂණ වාර්ථාවට අනුව ඔහුගේ ශුක්‍රාණු ඉතාමත් හොඳ තත්වයේ තිබෙන බව තහවුරු විය.ස්වයං වින්දනයේ යෙදීම නිසා මිනිසුන්ගේ ධාතු ශක්තිය හීන වී යනව කියන්නෙ අමූලික බොරුවක් කියල ඒකෙන්ම පැහැදිලි වෙනව.

Share this post:

Related Posts

Leave a Comment