සෙවණැලි මියයන හැන්දෑවේ අතීතයට යන හදවත් සොරාගත් සොඳුරු මිනිසා

11832-amaradewa-life1425395822සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා

‘ගී පොතයි – මීවිතයි’

 

මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලැබුවේය.

සේකරගේ වියෝවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියේ ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසින් ද අමරදේවයන් සංකේතාත්මකව දක්වමිණිග

ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත්‍රය පෝෂණය කල ‍‍අති විශිෂ්ඨ කලාකරුවෙකි.


1927 වර්ෂයේ දෙසැම්බර් 5 වැනිදා මොරටුවේදී උපත ලැබූ, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ලාංකේය රසිකයන් හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි.

ඔහු සිතාරය , තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

හය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය.

කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි.

එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රීය සංගීත ගුරුවරයෙකුද වුයේය.

අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී සද්ධර්මෝදය නම් මිශ්‍ර පාසලෙනි.

ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ මෙහොමඩ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.

‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

අමරදේවයන් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලියේ ‘මධුවන්ති’ සංගීත වැඩසටහනෙනි.

1959 දී අමරදේවයන්ට ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධාන තනතුර පිරිනැමිණි.

‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිදී සිහිකළ යුතුය.

අමරදේවයන් පූර්වෝක්ත ගී පද තම නිර්මාණයේදී තම අභිමතය පරිදි සංශෝධනය කරගත් ආකාරය එම ගීතය අසන ඔබට මැනැවින් පසක් වනු නොඅනුමානය.

අමරදේවයන්ගේ ඉතිහාසය මෙරට සංගීත කලාවේ, සුභාවිත ගීතයේ ඉතිහාසය හා සමානයි.

එසේ කීම අතිශයෝක්තියක් නොවේ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන්ගෙන් පසු දේශීය සංගීත සම්ප්‍රදායන් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නේ අමරදේවයන්ය.

චූල සම්ප්‍රදාය ලෙස සැලැකිය හැකි ජන ගීතයත්, මහා සම්ප්‍රදාය වූ උත්තර භාරතීය රාගධාරී සංගීතයත් සුසංයෝග කිරීම ඔහුගේ වෑයම වුණා.

බටහිරට වඩා පෙරදිග උත්තර භාරතීය සංගීතය අපට ගැළපෙන බවට සමීප වන බවට අවබෝධයක් ඔහුට තිබුණේය..

අමරදේවයන් අනවශ්‍ය ලෙස චූලසම්ප්‍රදාය වැලඳ ගත්තේ නැහැ. ස්වර පහකින් කළ හැකි දේ සීමිත බව වැටහීමක් ඔහුට තිබුණා.

අමරදේවයන් සීමාවේ උපරිමයට ගියත් එය අතික්‍රමණය කළේ නැත.. ඒ තුළ හිඳිමින් විශිෂ්ට නිර්මාණ රැසක්ම ඔහු සිදුකළේය.

අමරදේවයන් ඔපෙරා, කැන්ටටා, සිම්පනිවලට නොගියේ අන් කිසිවක් නිසා නොව පොදුවේ මෙරට රසික ප්‍රජාවට එවැනි දේ විඳීමට තරම් ශක්තියක් නොමැති බවට අවබෝධයක් තිබුණු නිසාය.

ශාස්ත්‍රීය සංගීතය සරල පෙළේ සුළුතරයන් විඳින ‘සතුට’ බහුතරයකට ලබාදීමේ අරමුණින්. ‘රේඩියෝ එකෙන් සින්දු කියන දෙවියෝ’ යැයි ගැමියන්ගෙන් අමරදේවයන් බුහුමන් ලැබුවේ සරල ගීතය හරහා සංගීතය පොදු ජනතාව වෙත රැගෙන ගිය නිසාය.

” පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා ” මෙම පද අපේ හිත් වලට තදින්ම කා වැදුණු ඉතාම සුමිහිරි ගීතයකි.

අමරදේවයන්ගේ මියුරු සුභාවිත හඬින් ගැයුනු ගීත අතරින් ආදරයද මේ, සසර වසන තුරු, සද හොරෙන් හොරෙන්, මින්දද හි සර, පෙර දිනයක මා, ආරාධනා, දන්නෝ බුදුන්ගේ, සන්නාලියනේ, විකසිත පෙම්, වක්කඩ ළඟ, ඔබේ නමින්, පාරමිතා බල, පිලේ පැඳුර, මුණි සිරිපා, සඳ තරු නිහඬයි, ඉර හද පායන ලෝකේ, මේ ගුරු පාරේ රසික හදවත්වල සදා රැදුනු ගීත අතරින් බිඳකි.

ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැද භාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් “පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා” වැනි උඩරට ශාස්ත්රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගතවන පද මාලා එක් කිරීමට තීරණය කළේය.

එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වන්නේය.

ලාංකේය හදවත් සංගීතයෙන් සුවපත් කළ අමරදේව ගුරු පියාණෙනි ඔබට නිවන් සුව..

Share this post:

Recent Posts

Loading...

Leave a Comment