රංගනය වෙනුවෙන් වුණත් කොටට අඳින්නේ නැහැ වස්සාන සිහිනයේ සුමුදු – අනුරාධා එදිරිසිංහ

Anuradha Edirisinghe Hot Gossip Chat 2016Anuradha Edirisinghe Hot Gossip Chat 2016 | වස්සාන සිහිනයේ සුමුදු ලෙසත් මගේ ආදර අවනඩුව හී නිම්මි ලෙසත් ඔබට ළෙන්ගතු වන ඇය අනුරාධා එදිරිසිංහ යි( Anuradha Edirisinghe Gossip). මේ දිනවල පුංචි තිරයේ පෙරැළි කරන අලුත්ම තාරකාව ඇයයි.

මේ දවස්වල වැඩිපුර කතා වෙන්නේ සුමුදු ගැනද නිම්මි ගැනද?

අනිවාර්යෙන්ම සුමුදු ගැන තමයි. නිම්මි තවමත් අලුත් නේ.. අගේ චරිතය ඉස්මතු වෙන්න තව ටික දවසක් යාවි..

අනුරාධා දැන් පුංචි තිරයේ ජනප්‍රිය තරුවක්?

හම්ම්… එහෙම කියන්න තේරෙන්නේ නැහැ.. පාර තොටේ දකින බොහො දෙනා දැන් මට කතා කරන්නේ සුමුදු කියලා.. මේ ළඟදී දවසක මම පාර පනින්න ඉන්නකොට ත්‍රිවිල් එකක් ඇවිත් නැවැත්තුවා. මම කිව්වා මම පාර පනින්න ඉන්නේ කියලා. එයා මගෙන් ඇහුවා ඔයා සුමුදු නේද? මම අඳුර ගත්තා ඒකයි මම නැවැත්තුවේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රතිචාර ලැබෙන කොට සතුටුයි.

ජනප්‍රිය වුණු සමහරු පස්සේ ආඩම්බර කම් පෙන්වනවාලූ?

මම නම් අනිවාර්යෙන්ම වෙනස් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක් මා එක්ක ඇවිත් කතා කරනවා තරම් සතුටක් මට තවත් නැහැ.

ඔය ජනප්‍රියත්වය පස්සට ඔබටත් කරදරක් වේවිද?

නැහැ. මම මේ කියපු වචනේ අනිවාර්යෙන්ම මගේ හිතේ තියෙයි. එය වෙනස් වෙන්නෑ.

අනුරාධා ප්‍රේක්ෂකයො අතරට එන්නේ?

වයස අවුරුදු 13 දී මම සිරස වැඩසටහන් වගයක් කළා. නමුත් මුලදී මගේ තාත්තාගේ තිබුණු දැඩි අකැමැත්ත නිසා ඒ කාලෙදී ම අයින් වෙන්න සිද්ද වුණා. නමුත් මට අවුරුදු විසි තුනේදී වගේ අහම්බෙන් දවසක රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතැනින් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් විදිහට මගේ පුනරාගමනය සිදු වෙනවා.

පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පුංචි තිරයට ඇවිත් දැන් අවුරුදු තුනක් විතර වෙනවා. ඒ අතර ටෙලි නාට්‍ය තුන හතරකට සම්බන්ධ වෙලා තියෙනවා. පසු ගිය දා නිමා වුණු ‘කොළඹ අපි ආවා‘ කියන ටෙලි නාට්‍යයේ මගේ චරිතෙට හොඳ ප්‍රතිචාර ලැබුණා. නමුත් ප්‍රේක්ෂකයෝ මාව හඳුනා ගන්නේ ‘වස්සාන ප්‍රේමය‘ ටෙලි නාට්‍යයේ සුමුදු කියන චරිතයෙන්.

නැවත රංගනයට පිවිසේද්දී තාත්තාගෙන් තහංචි වැටුණේ නැද්ද?

නැහැ… පස්සේ ඒ අකැමැත්ත ඔහුගේන් පහව ගියා. අද මගේ තාත්තා ජීවතුන් අතර නැහැ.. මම රංගනයට නැවත එකතු වුණු මුල් කාලේ තාත්තා අනතුරකට ලක් වෙලා මාස ගණනක් කෝමා තත්ත්වයෙන් පසු වුණේ. නමුත් ඊට කලින් ඔහු මා ගැන පත්තරවල පල වුණු ලිපි කියවලා පින්තුර දැකලා බොහො සතුටු වෙලා තිබුණා. නමුත් මගේ ටෙලි නාට්‍ය එකක්වත් බලන්න තාත්තාට බැරි වුණා.

අනුරාධා පවුලේ බඩ පිස්සලු නේද?

ඔව්. අයියායි මමයි විතරයි. මට හැමෝගේම ආදරේ ලැබිලා තියෙනවා.

ඒ නිසා ටිකක් දගකාර චරිතයක් වෙන්න ඇති…. ඔව්, ඔව් ටිකක් දඟයි තමයි.

දඟකාර චරිතම ලැබෙන්න හේතුවත් ඒකයි එහෙනම්?

මට ලැබුණු චරිත එකිනෙකට වෙනස්. නමුත් සමහර විට මගේ දඟකාර බවත් නොදැනිම ඒ චරිතවලින් ඉස්මතු වෙනවා ඇති.

අනුරාධාගේ මේ ක්ෂේත්‍රයේ සමීප මිතුරු මිතුරියන් ගැන මම ඇහුවොත්?

මට ගොඩක්ම සමීප මිතුරිය ශලනි තාරකා. ඇය මට මගේම අක්කා කෙනෙක් වගේ. හම්ම් තව සමීර ශානක, දිනෙත් දි සිල්වා, දසුන් පතිරණ, ඉන්ධික ධර්මතිලක…මේ අයත් මගේ මිතුරන්.. අනේ මට නම් කියන්න බැරි වුණු යාළුවො ටිකගෙන් සමාව ඉල්ලනවා. ඔන්න දැන් මා එක්ක තරහා වෙන්න එපා.. මම ඒ හැමෝටම ආදරෙයි.

පුංචි තිරයට එන බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් කාලයත් එක්ක එකම රාමුවේ චරිතවලට කොටු වෙනවා…?

මොකද්දෝ පිනකට එකිනෙකට වෙනස් චරිත වලට දායක වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. එයත් එක්තරා වාසනාවක්..

අනුරාධාටත් රංගනයේ සීමා තිබෙනවාද?

මම හැමදාම ආදරේ කළේ ටෙලි නාට්‍යවලට. පසුගිය දවසක එක්තරා ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් අන්ධ ගායිකාවකගේ චරිතයකට මට ආරාධනා කළා. නමුත් එය ප්‍රතික්ෂේප කරන්න මූලික හේතුව වුණේ ඔවුන් බලාපොරොත්තු වුණු වෘතීය ගායන හැකියාව මට තිබුණේ නැති නිසා. ඉතින් එවැනි චරිතයක් එක පාරටම භාර ගන්න අමාරුයි. නමුත් අභියොගත්මක චරිත ලැබෙනවා නම් මම බොහොම කැමැතියි. ගැමි චරිත වලටත් මගේ කැමැත්තක් තියෙනවා. හැබැයි රංගනය වෙනුවෙන් වුණත් කොටට අඳින්න නම් පෞද්ගලිකව කැමැති නැහැ.

මේ ක්ෂේත්‍රෙය්දී රංගනයට වගේම වෙනත් අභියෝගවලටත් මුහුණ දෙන්න වෙනවාලූ නේද?

ක්ෂේත්‍ර‍ය ගැන කියන කතා මම අහාලා තියෙනවා. නමුත් මම නම් මේ ක්ෂේත්‍ර‍යට ඉතාම ආදරෙයි. ආදරේ නොකර ඉන්න මට හේතුවක් නැහැ. සාමාන්‍යෙයන් මම හැමෝම එක්ක සුහදව කටයුතු කරනවා. මට මේ ක්ෂේත්‍රයට තවම අලුත්. මට වඩා දවසක් හරි සිනියර් කෙනෙක්ට මම අනිවාර්යෙන් ගරු කරනවා.

ලැබෙන ප්‍රතිචාර අතර වැඩිපුර ලැබෙන්නේ ආදර යෝජනා නේද?

අනේ මන්දා එහෙම කියන තරම් ආදර යෝජනා මට ඇවිත් නැහැ නේ..සමහර විට මම ඕන කෙනෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ලි නිසාද දන්නෑ. ඒ කොහොම වෙතත් ඔය ඩෙයිලි කෝල්ස්, ඩෙයිලි මැසේජස් මට නැහැ.

අනුරාධා ගේ ඉදිරි ගමන ගැන කතා කළොත්?

වෙන ජොබ් කරන්න ඒ කාලේ ඉඳලම මම කැමැති වුණේ නැහැ..දැන් මගේ වෘත්තියත් කලාවමයි. වැඩියෙන් ආදරේ කලාවට නිසා වෙන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ.

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar