ඔස්ට්‍රේලියානු වාර්තා පොත් අතර නම ලියන විශිෂ්ට ලාංකික පුත්‍රයෙක්

Australian record books and write the name of a great son of Sri Lankanවෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට අසනීප තත්ත්වය කිසිසේත් බාධාවක් කර නොගත් විශිෂ්ට ලාංකික පුත්‍රයෙකු ගැන පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

ඔහු නමින් දිනේෂ් පලිපනය.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා 2010 වසරේදී එරට සරසවියකින් වෛද්‍ය උපාධිය හිමිකර ගැනීමේ අභිලාෂයෙන් සිටි දිනේෂ්  වසර කිහිපයකට ඉහතදී ඔහු නොසිතු විරූ අනතුරකට මුහුණ පා තිබේ.

ඒ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි වෙසෙන තම මව්පියන් බැලීමට ගොස් ගෝල්ඩ් කෝස්ට් වෙත තමන්ගේ මෝටර් රථය ධාවනය කරමින් සිටියදීය.

තෙත සහිත මාර්ගයකදී ඔහු පැදවූ රථය පෙරළී ගොස් ඇති අතර අනතුරත් සමග ඔහුගේ අත් පා පණ නැතිව දිනේෂ් අංශභාග රෝග තත්ත්වයට පත්ව තිබේ.

මේ නිසා වසර 5ක පමණ කාලයක් දිනේෂ්ට සරසවි අධ්‍යාපන කටයුතුවල නිසි පරිදි නිරතවීමට නොහැකි වී ඇත.

එහෙත් එම අභියෝගය සාර්ථකව ජයගත් මෙම තරුණයා ඉකුත් වසරේදී නැවතත් ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි ග්‍රිෆිත් සරසවියට ඇතුළුවී යළිත් අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනූව තවත් මාසයකින් මෙම උත්සාහවන්ත තරුණයා සිය වෛද්‍ය උපාධිය ලබා ගැනීමට නියමිත අතර එම උපාධි‍යේ සුවිශේෂි තත්ත්වය වන්නේ අංශභාග රෝගී තත්ත්වයකින් පෙළෙමින් එරටදී වෛද්‍ය උපාධියකට හිමිකම් කියන දෙවැන්නා වීම නිසාය.

ඔහු එම තත්ත්වයට මුහුණ පා ඇත්තේ රිය අනතුරින් කොඳු ඇට පෙළට සිදුව ඇති තුවාල හේතුවෙන් බව අනාවරණය වී තිබේ.

ඒ අනූව කොඳු ඇට පෙළට සිදුවූ තුවාල නිසා අංශභාග රෝගයට ගොදුරු වී සිට වෛද්‍ය උපාධියක් ලබාගන්නා පළමුවැනියා ලෙසද වාර්තා පොත් අතරට දිනේෂ් පලිපනගේ නම එක්වනු ඇත.

දිනේෂ් අනතුර නිසා අසනීපයෙන් සිටි කාලයේදී ද අමෙරිකානු හාවඩ් සරසවියේ කොඳුඇ‍ට පෙළේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් සුවිශේෂි වෛද්‍යවරයෙකු වන  යැං ඩී ටෙන්ග් සමග එක්ව කොඳුඇට පෙළ ‍රෝග සම්බන්ධයෙන් වන පර්යේෂණවලට ද එක්ව තිබීම විශේෂත්වයකි.

වෛද්‍ය  යැං ඩී ටෙන්ග් ඉදිරි‍ සතියකදී ග්‍රිෆිත් සරසවියට පැමිණීමට නියමිත අතර එහිදී කොඳු ඇට පෙළ රෝග සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ ගැන එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද පැවසේ.

මෙවන් වාතාවරණයක දිනේෂ් පලිපන තරුණයා ග්‍රිෆිත් සරසවිය වෙනුවෙන්  ඒ හා සම්බන්ධ පර්යේෂණවලදී පෙරමුණ ගනිමින් සුවිශේෂී චරිතයක් බවට පත්ව තිබේ.

මේ නිසා ඔහුගේ කීර්තිනාමයද සුපතළ වී ඇති අතර තවත් මාසයකින් වෛද්‍ය උපාධියකට හිමිකම් කියන මෙම තරුණයා ශ්‍රී ලංකාවටද මහත් ආඩම්බරයකි.

දිනේෂ් පලිපන තරුණයාගේ වයස මේවන විට අවුරුදු 32කි.
(under the courtesy of adaderana news web)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar