මාර්ග නීති කඩකළාම දෙන 2500 අවම දඩය ගැන මුදල් ඇමතිගේ අවසන් තීරණය මෙන්න – අය වැය 2017

Finance Minister Says The Proposed Fine Of 2500 Rupees On Traffic Violations Will Not Be Altered Aya Waya 2017මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවර අයවැය මගින් යෝජිත මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා අවම දඩය වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මාර්ග නීති පිළි නොපැදීම අද රටේ පවතින විශාල ගැටළුවක් බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

 

රටේ පවත්නා නීතිය පිළිපැදීමේ විනයක් ඇතිකිරීම සඳහා කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයට අයවැය යෝජනා රැසක් ලැබී තිබූ බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා යෝජිත රුපියල් 2500 අවම දඩය වෙනස් කරන ලෙස පෞද්ගලික බස් රථ හිමියන් ආරම්භ කිරීමට සැරසෙන වර්ජනය සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ පෞද්ගලික බස් රථ හිමියන් නීතියට එරෙහිවීම පිළිගත නොහැකි කරුණක් බවයි.

පසුගිය වසරේදී මාර්ග අනතුරු නිසා 3000 ආසන්න ශ්‍රී ලාංකිකයන් ජීවිතක්ෂයට පත්වුණා.

මෙම තත්ත්වය වැළැක්වීමට මාර්ග නීති උල්ලංඝනය කිරීම් සඳහා යෝජිත දඩය ක්‍රියාත්මක කළ යුතු බවයි මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ.

Share this post:

Related Posts

Loading...

Leave a Comment