ගැස්‌ට්‍රයිටීස්‌වලට බිය වන්න එපා

ගැස්‌ට්‍රයිටීස්‌ගැස්‌ට්‍රයිටීස්‌වලට බිය වන්න එපා

ගැස්‌ට්‍රයිටීස්‌ යනු මහත් කරදරකාරී රෝගයක්‌ බවට සත්‍යයකි. එහි ඇති කරදරකාරී බවටත් වඩා එමගින් ඇති වන ජීරණ දුර්වලතාවන් හේතුවෙන් පසුකාලීනව ඇති විය හැකි උපද්‍රවයන් පිළිබඳව අප දැනුවත් විය යුතුය.

ශරීරය සෑදී ඇති පද්ධති සියල්ල සලකා බැලූ විට ආහාර ජීර්ණ පද්ධතියට සුවිශේෂී තැනක්‌ හිමිවේ. පුළුල්ව සිතා බැලුවහොත් අන් සියලුම පද්ධතීන්ටත් වඩා වැදගත්ම පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි.

ඊට හේතුව ශරීරයේ අන් සියලු පද්ධතීන්ට පෝෂණය සැපයීමේ පූර්ණ වගකීම දරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය වීමයි.

ශරීරයේ කුඩාම තැනුම් ඒකක වන සෛලවලට පෝෂණය සැපයීමට නම් අප ගන්නා ආහාර එම සෛලවලට උරාගත හැකි මට්‌ටමට සරල කොටස්‌ බවට පත් විය යුතුය.

ජීර්ණ ක්‍රියාවලිය අතරමඟ නතර නොවී ගන්නා ලද ආහාරවල ඇති පෝෂක කොටස්‌ සෛලවලට උරාගත හැකි අවසාන ඵල බවට පත් කරන්නේ ජීර්ණ පද්ධතියේ මූලිකත්වයෙනි.

එසේ වීමට නම් ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන සියලු ක්‍රියාවන් යහපත් විය යුතුය. නමුත් ගැස්‌ට්‍රයිටීස්‌ රෝග තත්ත්වය විවිධ ස්‌වරූපවලින් පවතින විට ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් වූ ස්‌වභාවික ක්‍රියාව අක්‍රමවත් වෙයි.

අනෙකුත් සියලු පද්ධතීන්ට අහිතකර වූ බලපෑම් ඇති වන්නේ එතැන් සිටය.

ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිරවීම වැනි ලක්‍ෂණ ඇති විට පමණක්‌ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතැයි ඇතැමුන් කියති. නමුත් මෙම ලක්‍ෂණ ඇතිව හෝ නැතිව ආහාර ජීර්ණ පද්ධතියේ මතුවන විවිධ සංකූලතා හේතුවෙන් ගන්නා ආහාර හරිහැටි නොදිරවීම නිසා ඇති වන තවත් උපද්‍රවයන් ඇත.

ඒවා නම් හිසේ කැක්‌කුම, ක්‌ලාන්ත ගතිය, කරකැවිල්ල, පිටකොන්දේ කැක්‌කුම්, ඇඟපත අමාරුව, අලස බව, අධික ලෙස කේන්ති යැම, ශරීරයේ අප්‍රාණික බව, නිතර නිදිමත හෝ නින්ද නොයැම, මළ මුත්‍ර පිටවීමේදී ඇති වන අපහසුකම් සහ අක්‍රමිකතාවන් ආදී ලක්‍ෂණයයි.

මෙසේ මුල් අවදියේදීම එවැනි ලක්‍ෂණ පහළ වීමෙන් පෙනී යන්නේ ගැස්‌ට්‍රයිටීස්‌ හෝ ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතාවන්ගේ බලපෑම අනෙකුත් සියලුම ඉන්ද්‍රීයන්ට හෝ පද්ධතීන්ට ඇති බවයි.

මෙවැනි ජීර්ණ දුර්වලතාවන් කල්යත්ම චිරකාලීන වූ උපද්‍රවයන් ඇති කරයි. ඊට හේතු වන්නේ මේ නිසා ඇති වන පෝෂණ ඌණතාවන්ම පමණක්‌ නොවීමද විශේෂත්වයකි.

ගැස්‌ට්‍රයිටීස්‌ හෝ වෙනත් ආහාර ජීර්ණයේ දුර්වලතාවන් ඇති විට ගන්නා ලද ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන ඵලයන් තත්ත්වයට පත් නොවේ. එනම් ඒවා විෂක්‌ ලෙස රුධිරයට එකතු වෙයි. ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන්නේ ‘ආම’ යනුවෙනි. එම ආම තත්ත්වය යනු සැබෑ ලෙස නොදිරවූ ආහාර රසයයි.

එයින් ශරීරයේ කිසිදු සෛලයකට නිසියාකාරව වැඩක්‌ ගැනීමට නොහැකිය.

මේ අතරතුරම උෂ්ණාධික ශරීර ඇති අයගේ විධග්ධ වූ පිතෙහි ඇති උෂ්ණ ගුණය ද මුසුවීමෙන් ඇති විය හැකි උපද්‍රවයන් තව තවත් වැඩි වෙයි.

මෙම ආම රසය රක්‌ත ධාරාව හරහා කුමන පද්ධතියකට, ඉන්ද්‍රීයකට, පටකයකට හෝ සෛලයකට ගෙන ගියද එම ස්‌ථානයන්හි ස්‌වභාවික ක්‍රියාවන් අක්‍රමවත් වෙයි. එය පිටතට පෙන්වන්නේ රෝගයක්‌ හෝ රෝග ලක්‍ෂණයක්‌ ලෙසයි. මුලදී හිසේ කැක්‌කුමක්‌ ඇඟපත රිදීමක්‌ හෝ මළ පිටවීමේදී ඇති වන අක්‍රමිකතාවක්‌ වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි.

නමුත් පසුව චිරකාලීන රෝග ඇති කරන්නේ ඉහත කී විෂ කොටස්‌ මගින් තෝරාගත් පද්ධතියක්‌ හෝ අවයවයක්‌ මුළුමණින්ම ආක්‍රමණය කළ විටයි.

එම විෂ තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශ්‍රිත මුත්‍ර පද්ධතිය නම් වකුගඩු ආබාධ, මුත්‍රා රෝග ආදිය ඇති විය හැකිය. ශරීරයේ අධෝභාගය ආක්‍රමණය කළේ නම් අක්‍රමවත් මළ පිටවීම, මළ බද්ධය හෝ අර්ශස්‌ වැනි තත්ත්වයක්‌ ඇති විය හැකිය. ඒ අයුරින්ම අග්න්‍යාසය ඇසුරු කළ විට දියවැඩියා ආශ්‍රිත ප්‍රමේහ රෝග තත්ත්වයන් ද, හෘදය ඇසුරු කළ විට විවිධ වූ හෘද රෝග ද, සම ඇසුරු කළ විට වාතරක්‌ත, පලු දැමීම, කැසීම් ආශ්‍රිත විවිධ වූ සමේ රෝග ද ආදී ලෙස ඒ ඒ පද්ධතීන්ට ඉන්ද්‍රීයන්ට ආවේණික වූ රෝග තත්ත්වයන් ඇති කරයි.

එසේ නම් මේ සියලු රෝග තත්ත්වයන් උපද්‍රවයන් ඇති කිරීමට මූලික වන්නේ ගැස්‌ට්‍රයිටීස්‌ හෝ ආහාර ජීර්ණයේ විවිධ අක්‍රමිකතාවන් බැවින් එම තත්ත්වය අප විසින් වහ වහා සුව කරගත යුතුය.

දැන් පැණනැගෙන ප්‍රශ්නය නම් මෙම රෝග තත්ත්වයන් නිට්‌ටාවටම සුව කළ හැකි ද යන්නයි. ඊට පැහැදිලම පිළිතුර නම් මෙම බෝ නොවන රෝගයක්‌ නිට්‌ටාවටම සුව කළ හැකි බවයි. එවිට එම රෝග නිට්‌ටාවටම සුව කරන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. රෝග නිට්‌ටාවටම සුව කිරීම සමඳහාම නිර්මාණය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවැරදිව භාවිතා කිරීමෙන් මෙම රෝග නිට්‌ටාවටම සුවකළ හැකිය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන කියූ විට ඊට යොමු වීමට බොහෝ අය මැලි වන්නේ ඖෂධ සෙවීම්, තැම්බීම් ආදී සකස්‌ කිරීම්වල ඇති අපහසුතාවන් නිසාය.

නමුත් අපගේ පහසු ඖෂධ භාවිතා ක්‍රමය දැන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත. එනම් රෝගියකුට කෂාය වර්ගයක්‌ දිය යුතු විට ඒවා පෙති ලෙස හෝ තම්බා පිළියෙළ කරන ලද බෝතල් ලෙස ඔහු අතට පත් කිරීමයි. ගුලි වර්ග, චූර්ණ වර්ග හෝ කල්ක වර්ග නිපදවා ඇත්තේ ද කාර්ය බහුල

රැකියාවන් කරන අතරතුර පවා පහසුවෙන් ගත හැකි වන ආකාරයටය. විවිධ රැකියාවල් සහ සේවා මුරයන්ට ගැළපෙන අයුරින් රෝගීන් සමග සාකච්ඡා කොට ඔවුන්ටම ආවේණික වන පරිදි ඖෂධ භාවිතා කිරීම ද ඔබට තවත් පහසුවක්‌ වනවා නියතය. වැඩි විස්‌තර සඳහා 071 300 90 88 / 0767 274 674ග

ආයුර්වේද වෛද්‍ය
රන්පත රුවන් රත්නායක

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar