උදාරි ලංකාවෙන් යන්නම යනවාද..? Gossip Chat

උදාරි ලංකාවෙන් යන්නම යනවාද..?
udari-warnakulasooriyaඋදාරි ලංකාවෙන් යන්න හදනවා කියලා ආරංචියි?
මමයි දුවයි සිංගප්පූරුවේ පදිංචියට යනවා. හස්බන්ඩ් ගාවට තමයි අපි යන්නේ.

ලංකාව දාලම යන්නද හදන්නේ?
ලංකාව දාලම යන්නේ නෑ. අපේ දරුවගේ අධ්‍යාපන කටයුතුවලට තමයි ලංකාවෙන් යන්නේ. ෂූටින්වලට ලංකාවට
එනවා. හැබැයි පදිංචිය සිංගප්පූරුවේ.
දරුවට ලංකාවෙදි අධ්‍යාපනය ලබා දුන්නොත් හොඳ නැද්ද?

දුව ඉපදුණේ සිංගප්පූරුවේදී. අධ්‍යාපනය මෙහිදී ලබා දුන්නත් එයාට එයාගේ තාත්තාව මිස් වෙනවා. දරුවෙක් බහ තෝරද්දී එයා අම්මයි තාත්තයි ළග ඉන්න ඕන. එයා තාත්තා ළඟ ඉන්නත් ගොඩාක් කැමැතියි. ඒ නිසා හස්බන්ඩ් සහ මම තීරණය කළා අපි එක ළග ඉන්න එක හොඳයි කියලා.

හස්බන්ඩ් ලංකාවට ගෙන්න ගත්තොත් හොඳ නැද්ද?
එයා රැකියාව කරන්නේ එහේ. ඒක නිසා එයාට ලංකාවේ පදිංචියට එන අදහසක් නැහැ.

සැමියා ළග නැති වුණාම එක එක කතා හැදෙන නිසා ඒකෙන් මිදෙන්න ලංකාවෙන් යනවා නෙවෙයිද?
කට කතා හැදෙන්නේ ප්‍රසිද්ධ අයටනේ. මට විතරක් නෙවෙයි කටකතා හැදෙන එක ඕන කලාකාරයෙක්ට පොදු දෙයක්. කටකතාවලින් මිදෙන්න නෙවෙයි පවුලේ සුබ සිද්ධිය ගැන හිතලා තමයි මම මේ තීරණය ගත්තේ.

උදාරි ලංකාවෙන් යන්නේ භාර ගත්ත වැඩ අවසන් කරලද?
භාර ගත්ත වැඩ ටික කරලා යන්නේ. චිත්‍රපටයක හඬකැවීම් කරන්න තිබුණා. ඒ වැඩ අවසන් කරලා යන්නේ.}

ලංකාවෙන් යන නිසා අලුතින් වැඩ භාර ගත්තේ නැද්ද?
චිත්‍රපට දෙකක් භාර අරගෙන තියෙනවා. ඒ චිත්‍රපටවල වැඩ තව මාස දෙක තුනකින් පටන් ගන්නේ. ඒ රූගත කිරීම්වලට මම ලංකාවට එනවා.

සිංගප්පූරුවේ පදිංචියට යන්න ගත්ත තීරණය නිසා උදාරිට රංගන කටයුතු මගහැරෙන එකක් නැද්ද?
නැහැ. මම ලංකාවේ නැති වුණත් මගේ නම්බර්ස් වැඩ. මට කතා කරලා පිටපත ලැඛෙන්නේ සැලැස්සුවොත් මම කැමැති නම් ඒ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
ලංකාවෙන් ගියා කියලා කලාව අතහරින්නේ නැහැ.

උදාරි ලංකාවෙන් යන නිසා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් වෙන කෙනෙක්ට ගියා කියලා ආරංචියි?
ඇත්තටම මම ඒක දන්නේ නැහැ. සමහරවිට එයාලා මට කතා නොකර මම යනවා කියන ආරංචිය නිසා කෙනෙක්ව ගත්තද දන්නේ නැහැ. ඒක ඒ නිර්මාණකරුවන්ගේ තීරණයක්නේ.

ආරාධනා කළා නම් ඒ ආරාධනාව භාර ගන්නවාද?
මොන නිර්මාණය වුණත් මට සුදුසුද කියලා බලලා තමයි මම තෝරා ගන්නේ. ඒ නිර්මාණයට කතා කළත් මට සුදුසු නම් භාර ගන්නවා. නැත්නම් භාර ගන්නේ නැහැ.

ඔය විදියට කොච්චර වැඩ මිස් වෙයිද? ඒ ගැන දුකක් නැද්ද?
එහෙම වැඩ මිස් වෙයි කියලා මම ලොකුවට හිතන්නේ නැහැ. මම කොහොමත් පවුලට මුල් තැන දීලා තියෙන්නේ. දරු සම්පත තරම් වෙන දෙයක් මට වටින්නේ නැහැ. මට ලැඛෙන දේවල් මම කරනවා. ගොඩක් දේවල් මට මිස් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

එක දිගටම ලංකාවෙ ඉන්නේ නැති නිසා ටෙලි නාට්‍යවල නම් උදාරිව දකින්න ලැඛෙන එකක් නෑ නේද?
හිද්දලයා ටෙලි නාට්‍ය අලුතින් එන්න තියෙනවා. කොහොමත් මම මුල් කාලේ හැම නාළිකාවකම පේන්න හිටියනේ. ඒක ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි හොඳ ආරාධනාවක් ලැබුණොත් මට කරන්න පුළුවන් නම් මම භාරගන්නවා.

දැන් අංගම්පොර සටන් කලාව අතහැරලා දැම්මාද?
අජන්ත මහන්තආරච්චි තමයි මගේ අංගම්පොර ගුරුන්නාන්සේ. සිසු දරුවන් වෙනුවෙන් අපි වැඩමුළු කළා. අජන්ත ගුරුන්නාන්සේ ඒ දේවල් දිගටම කරගෙන යයි. මමත් ලංකාවට ආවම පුළුවන් විදියට ඒ වැඩ කටයුත්තට සහාය දෙනවා.

පවුලම ලංකාවේ පදිංචියට එන අදහසක් ඇත්තෙම නැද්ද?
සමාජමය පැත්තෙන් ගත්තත් ආර්ථිකමය පැත්තෙන් ගත්තත් අපේ පවුලට වඩා හොඳ සිංගප්පූරුව. ඒ නිසා එහේ ඉන්න තමයි බලන්නේ. අවසාන කාලය ගත කරන්න නම් ලංකාව තෝරා ගන්නවා.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar