අනතර්ජාලයෙන් නිල් චිත්‍රපට බලපු අයියාට සහෝදරකම් අමතකවූ හැටි

How Lost Brother Jamie Blue Movies Viewedදෙමව්පියන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් කුඩා දරුවන් විවිධ අපචාර වලට යොමුවන අවාසනාවන්ත සිදුවීම් අද සමාජයේ නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනවා.

කුඩා දරුවන් අන්තර්ජාලය භාවිත කිරීමේදී සීමා පැනවීම දෙමව්පියන්ගේ යුතුකමකට එහා ගිය වගකීමක් වන්නේ ලොවක් තැනීමට අවශ්‍ය දේ මෙන්ම ලොවක් විනාශ කිරීමට ඉවහල් වන දේ සීමාව ඉක්මවා අන්තර්ජාලය තුලින් ලබාගත හැකි නිසා.

මෙලෙස අසීමාන්තිකව අන්තර්ජාලය සමඟ සිටි 12 හැවිරිදි කුඩා දරුවෙකු තම 9 හැවිරිදි සොයුරිය අපයෝජනය කළ සම්බන්ධ පුවතක් එංගලන්තයෙන් වාර්තාවුණා.

අදාළ 12 හැවිරිදි දරුවා දිගු කලක් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය චිත්‍රපට නැරඹීම නිසා මෙලෙස තම කුඩා නැගණිය අසභ්‍ය දේ සඳහා පොළඹවාගෙන ඇති බවටයි අනාවරණයවෙලා තියෙන්නේ.

එම කුඩා දරුවා අධික වෙලාවක් අන්තර්ජාලයේ රැඳි සිටිමින් දිනකට වැඩි වෙලාවක් මෙම අසභ්‍ය චිත්‍රපට නැරඹීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවටයි එහිදී තහවුරුවුණේ.

කෙසේ වෙතත් අපයෝජනයට ලක්වූ දැරිය තම මවට ප්‍රකාශ කර ඇත්තේ තමන් අදාළ දේවල් සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වූ බවයි.

අදාළ 12 හැවිරිදි දරුවා අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ අසභ්‍ය දේ සිදුකිරීමට පැමිණෙන ලෙස පැවසූ බවත් එසේ නොකළහොත් ඇය සමඟ සහෝදර කමක් නොපවත්වන බවටත් තර්ජනය කළ බවයි.

කෙසේ වෙතත් කරුණු සලකා බලමින් අදාළ දරුවා පරිවාස භාරයට යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙවැනි තත්වයන් ඇතිවීමට දෙමව්පියන්ගේ කුඩා දරුවන් කෙරෙහි ඇති නොසැලකිලිමත් කම මූලික වන බවටයි අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share this post:

Related Posts

Leave a Comment