අභියෝගාත්මක චරිතවලට මම ගොඩක් කැමැතියි මේ දිනවල පුංචි තිරේ ජනප්‍රියම යොවුන් නළුවා ඉමේෂාන්

Imeshan Sachintha Gossip News 2016Imeshan Sachintha Gossip News 2016 | මෑතකදී පුංචි තිරයේ නොසිතු ලෙස ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ ගන්නට සමත් වූ ආකර්ෂණීය චරිත කිහිපයක්ම බිහි කළ සිඳු ටෙලි සිත්තම ඔස්සේ තරුණ හදවත් වසඟ කරගත් නවතම චරිත යුගළ වන්නේ තෙරුණි සහ හේෂාන්. මින් එක් චරිතයක් පසු ගිය දවසක රසඳුනට ගොඩ වදින්නේ අප හා පිළිසඳරකටයි…. ඒ වෙන කවුරුත් නොවෙයි.. ඉමේෂාන් නෙල්ලිගහ වත්තයි… මා හේෂාන් යනුවෙන් ඔහු ආමන්ත්‍ර‍ණය කළහොත් ඔබ ඔහු හඳුනා ගනු නිසැකයි.

• කවුද මේ හේෂාන් කියන්නේ?

හේෂාන් කියන්නේ ලොකු පොඩි ඛේදයක් නැතිව දැන් රටම දන්න චරිතයක්. සිඳු නාට්‍යයේ තමයි ඔහු ඉන්නේ.

• හේෂාන් කිව්වට සැබෑ නමින් නම් ඔබව හඳුනන්නේ නැතිව ඇති?

ඒක නම් සහතික ඇත්ත. යන යන තැන හැමෝම කතා කරන්නේ හේෂාන් කියලා. ඒ නම ඒ තරමටම හිත් වලට කා වැදිලා තියෙන්නේ..

• එහෙනම් හැබෑවටම කවුද මේ හේෂාන්ට පණ පොවන්නේ කියමුකො

හැබෑවටම පණ පොවන්නේ ඉමේෂාන් නෙල්ලිගහ වත්ත. ඒ තමයි මගේ ඇත්ත නම.

• ඉමේෂාන් ගැන තව විස්තර ටිකක් කියමුකෝ ?

මගේ ගම නම් කෑගල්ල. දැනට යක්කල තමයි පදිංචිය. අපේ පවුලේ පස් දෙනයි. අම්මා තාත්තා අයියා නංගා සහ මම.

දැනට මම ප්‍රංශ භාෂාව පිළිබඳ උපාධියක් කරනවා..

• දැන් හේෂාන් වුණාට ඊට පෙර ඉමේෂාන් ට තවත් නම් තියෙන්න ඇති ?

මගේ වාසගම නෙල්ලිගහවත්ත නිසා ‘නෙල්ලි‘ කියලා තමයි යාළුවෝ කියන්නේ. ඒක තමයි මගේ ටැග් එක

• ඉමේෂාන් සැබෑ ජීවිතයේ කොහොම චරිතයක්ද ?

ටිකක් විතර ඳඟකාරයි. හැබැයි හැමතැනම නෙමෙයි. යාළුවෝ එක්කහු වුණාහම. පිටදි නම් ටිකක් අහිංසකයි කියලා ගොඩක් අය කියනවා.

• එහෙම පෙනුණාට ඔය කියන තරම් අහිංසක නැහැ නේද ?

තැනේ හැටියට අහිංසක වෙනවා.

• ඉමේෂාන් කොහොමද රංගනයට පිවිසෙන්නේ?

පාසල් යන කාලේ ඉඳලම ආසාව තිබුණත් මේ තරම් ඉක්මනට රංගනයට ප්‍රවිෂ්ඨ වේවි කියලා මම හිතුවේ නැහැ. මම අධ්‍යාපනය හැදෑරුවේ සසෙක්ස් ජාත්‍යන්තර පාසලෙන් ඉතින් පොඩි කාලේ ඉඳලම පාසල් වේදිකාවේ, නාට්‍ය හා නර්තනාංග වලට මම එක්වී තිබෙනවා.

• මුල්ම රංගනය ගැන කතා කළොත්?

වීර වර්ණ චිත්‍රපටයෙන් තමයි මම මුලින්ම රංගනයට පිවිසෙන්නේ. පුංචි තිරයේ නම් මගේ පළමු ටෙලි නාට්‍ය තමයි සිඳු.

• හේෂාන් සහ ඉමේෂාන් මුණ ගැහෙන්නේ කොහොමද?

වීර වර්ණ ‍ෆිල්ම් එකේ සහය අධ්‍යක්ෂවරයා වුණ නිරුක්ෂාන් ඒකනායක තමයි තිළිණ බොරලැස්ස අයිය ඇතුළු කණ්ඩායමට මාව හඳුන්වා දෙන්නේ. ඉතින් හේෂාන් කියන්නේ ටිකක් දඟකාර සෙල්ලක්කාර චරිතයක් කියලා තිළිණ අයියා මට පැහැදිලි කරලා දුන්නා..යං රොමැන්ස් සීන්ස් වගයකුත් තියෙනවා කිව්වා.. ඉතින් මගේ වයසත් එක්කම යන නිසා වෙන්න ඇති මට හේෂාන්ව ලොකු අභියෝගාත්මක චරිතයක් විදිහට පෙණුනේ නැහැ. අනෙක සිඳු කණ්ඩායමෙනුත් ඊට හොඳ සහයක් ලැබුණා.

• මේ වෙනකොටත් හේෂාන් ගැන මතක බොහොමයක් ඇති?

ඔව්. එක සිදුවීමක් නම් මගේ හිතට පුදුම විදිහට සමීප වුණා. එළි මහනේ අපි රූ ගත කිරීම් වල ඉන්න අතරේ ඉස්කොලේ ළමයි ගෙන යන වාහනයක් එතනට ආවා. මාව දැක්ක ගමන් ඒ පුංචි නංගිලා මල්ලිලා ටික හේෂාන් අයියා කිය කියා කෑ ගහන්න පටන් ගත්තා. මට මාර විදිහට ඒක ෆීල් වුණා. එදා තමයි මම මුල්ම වතාවට තේරුම් ගත්තේ හේෂාන්ගේ චරිතය කොතරම් ප්‍රේක්ෂකයා අතරට ගිහින් තියෙනවාද කියලා. වැඩිපුරම පොඩි ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩියි.

• තරුණ තරුණියන් අතර වැඩි ප්‍ර‍තිචාර ලැබෙන්නේ කාගෙන්ද කියලා මම ඇහුවොත්?

ගැහැනු ළමයින් ගෙන් ලැබෙන ප්‍රතිචාර පිරිමි ළමයින්ට සාපේක්ෂව ඉතින් ටිකක් වැඩියි. ඒ නිසාදෝ පිරිමි ළමයින්ට පුංචි තරහකුත් තියෙනවා. මා එක්ක නෙමෙයි හේෂාන් එක්ක. පාරෙදි දැක්කහම මට තෙරුණි කියලත් කොල්ලෝ විහිලු කරනවා. ඇය ඔච්චර තෙරුණි පස්සෙන් යන්නේ කියලත් අහනවා. හැබැයි දැන් හේෂාන් කියන චරිතෙ වටා ගෑනු ළමයි දෙතුන් දෙනෙක්ම ඉන්නවානේ. ඒ නිසා මේ දවස්වල ගැහැනු ළමයින් ගෙන් ලැබෙන ප්‍රතිචාර වල පුංචි තරහකුත් ගැබ් වෙලා තියෙනවා. ඒ අතර සමහරු හේෂාන් සහ ඉමේෂාන් දෙන්නවා පටලවා ගෙන ඇත්ත ජීවිතෙත් ඔයා මෙහෙම කෙනෙක්ද කියලත් අහනවා. ඉතින් ඒ මොනව ඇහුවත් ඔවුන්ගේ ප්‍ර‍තිචාර ගැන මට තිබෙන්නේ ලොකු සතුටක්.

•‍ ගෑනු ළමයින්ගේ ඇල්ම බැල්ම වැඩි නිසා ඉමේෂාන් දැන් ටිකක් ආඩම්බරයිලූ නේද?

අනේ ඇත්තටම මම ආඩම්බර නැහැ. මට වැඩිපුර ප්‍ර‍තිචාර ලැබෙන්නේ ෆේස් බුක් මැසේජ් වලින්නේ. නමුත් ගොඩක් වෙලාවට ෂූටිං සහ ලෙක්චර්ස් වලට ගියහම ඒවාට හරියට රිප්ලයි කරන්නවත් වෙලාවක් නැති කමයි තියෙන්නේ.

ඒ නිසා සමහරවිට මම ආඩම්බරයි කියලා හිතාගෙන මා එක්ක තරහා වෙනවා.

• සැබෑ ජීවිතයේදී තෙරුණි (මනීෂා) ඔබට සමිපයි?

ගොඩක් අය එහෙම හිතනවා.. නමුත් අනේ එහෙම දෙයක් නැහැ. මේ නාට්‍ය නිසා මම මනීෂා සහ පසන්ට පන පොවන නිරුක්ෂාන් අතර ලොකු මිතු දමක් ඇති වුණා. අපි සැබෑ ජිවිතේ දැන් සහොදරයෝ වගෙයි.

• හේෂාන් නිසා ඉමේෂාන්ට තිබෙන ඉල්ලුමත් අද හෙට වැඩි වේවිද?

එහෙම කියන්න නම් තේරෙන්නේ නැහැ. නමුත් මේ වෙන කොට චිත්‍ර‍පටයකට සහ ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ‍ලැබිලා තියෙනවා.

• රංගන ශිල්පියෙක් ලෙස වැඩි කැමැත්ත මොන වගේ චරිතවලටද?

අභියෝගාත්මක චරිත වලට මම බොහොම කැමැතියි. නර්තනය ඉස්මතු වෙන නැතිනම් සටන් කාමි චරිත චරිත ලැබුණොතින් කතා දෙකක් නැහැ මම පැනලා බාර ගන්නවා.

• ඉමේෂාන් දිගටම රංගන කටයුතු වල නියැ‍ළේවිද?

මම තවම ඉගෙන ගන්න නිසා ඒ කටයුතු වලට බාධාවක් නොවන විදිහට රංගන කටයුතු දිගටම කරගෙන යන්න කැමැතියි. දැනටත් ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙන නිසා හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඉදිරියේදී ගෙදර අයගේ අනුමැතිය ඇතුව බාර ගන්නවා.

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar