ආනයනික කිරිපිටි මිල වැඩි කළ යුතුයි – ආනයනකරුවන්

Imported food prices should Importersකිරිපිටි මිල සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය මේ වන තෙක් තමන් වෙත ඉදිරිපත් කර නොමැති බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් රජය සමඟ සාකච්ඡා කළ ද එයට අවසන් ප්‍රතිචාරයක් රජයේ පාර්ශවය ලබානොදුන් බව ඔවුන් ප්‍රකාශ කර සිටි‍යේය.

සංශෝධිත වැට් බදු හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ දී අධික පිරිවැයක් දැරීමට සිදුවන බව ඔවුන් පැවසීය.

ඒ අනුව ඊට සමගාමීව කිරිපිටි මිල ඉහළ නැංවිය යුතු බව ද කිරිපිටි ආනයනකරුවන් සඳහන් ක‍ර සිටියි.

කිරිපිටි මිල ඉහළ නැංවීමට රජය අවස්ථාව ලබානොදෙන්නේ නම් තමන් වෙත බදු සහන අවශ්‍ය බව ද ඔවුන් පෙන්වා දෙනු ලබයි.

මේ පිළිබඳව රජ‍යේ ප්‍රතිචාරය ඉතා ඉක්මනින් ලිඛිතව බලාපොරොත්තු වන බව කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර ආනයනික කිරිපිටි මත වැට් බදු පැනවීම හේතුවෙන් කිරිපිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඊයේ (4) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Share this post:

Recent Posts

Loading...

Leave a Comment