නෙත කඳුලින් තෙත්වන්නටත් පෙර ලාවා කඳුවලින් තෙත්වී පණපිටින් වැළලී ගිය පොම්පෙයි නගරය

11829-pompeii-earthquake-facts279111180Photos – Pompeii Earthquake Facts . නෙත කඳුලින් තෙත්වන්නටත් පෙර ලාවා කඳුවලින් තෙත්වී පණපිටින් වැළලී ගිය පොම්පෙයි නගරය

ක්‍රිස්තු වර්ෂ 79, එනම් මීට වසර 1931 කට පමණ පෙර මිහිතලයට අමිහිරි දවසක් විය.

ඉතාලියේ පොම්පෙයි නුවර වැසියන් වෙනදා මෙන්ම තමන්ගේ රැකියාවන් හා එදිනෙදා වැඩ කරමින් සිටිද්දී එක්වරම හෙන හඬ පතුරවමින් විසූවියස් ගිනිකන්ද පුපුරා ගියේය.

 

නගරයේ වැසියන් සියල්ලම නොසිතූ මොහොතක සිදුවූ මේ සිදුවීම දෙස දෑස් හැර බලා සිටියේය.

ඉතාලියේ ප්‍රසිද්ධය නිවාඩු නිකේතනයක් බවත පත්ව තිබූ හර්කියුලේනියම් නගරම ගිනි කන්දෙන් වැසී ගියේය.

ගිනි කන්දෙන් ඉහළට නැගී ගිය දූවිලි අහස වසාගෙන තිබුණේ අපැහැදිලි කාලගුණික සේයාවක් සිත්තම් කරමිනි.

මේ නොසිතූ මොහොතක සිදුවූ ගිනි කන්ද පුපුරා යාමෙන් කි.මි. 6 ක දුරකින් පිහිටි පොම්පෙයි නගරයට සිදුවූ විනාශය තක්සේරු කිරීමට පවා නොහැකි විය.

මෙම ගිනි කන්ද පැය 18 කට වැඩි කාලයක් ජන ජීවිතයට තර්ජන එල්ල කර තිබිණි.

දෙපාවල ඇති වාරු වියකී යන තෙක්ම දිවයමින් සිටි සියල්ලන්ම පරාජය කිරීමට මෙම ලාවා හා අළු ප්‍රහාරයන්ට සමත්වී තිබුණේය.

මේ ව්‍යසනයෙන් මියගිය ප්‍රමාණය දහස් ගණනින් විය.

මෙම හිත්පිත් නැති දරුණු ගිනිවතුර පැයට සැතපුම් 50 ත් 10 ත් අතර වේගයකින් නගරය වසා ගෙන තිබුණේ අනුකම්පා විරහිතවය.

පෙම්පෙයි නගරයෙන් දුරස් වී සිටි හිරු නැවතත් පොම්පෙයි නගරයට පතිත වූයේ හදුනාගැනීමටවත් නොහැකි ලෙස සියල්ල වෙනස් වූවායින් පසුවය.

මේ ව්‍යසනයෙන් වසර සිය ගණනක් ගෙවී යාමෙන් පසුව මේ නගරය ගැන කිසිවෙක් දැන සිටියේ නැත.

පොළෝ තලයේ සැඟවී ගිය දහස් ගණන් ජීවිත හා දහස් ගණන් මතකයන් වර්ෂ 700 දී ඉංජිනේරුවෙකු විසින් යළි ගොඩ ගත්තේ අමිහිරි මතකයක් යළිත් සිහිගන්වමිනි.

ඔහු විසින් ලාවා විසින් නොවැසී තිබූ ගොඩනැගිල්ලක කොටසක් මතුකරගැනීමට සමත්විය.

මෙම නගරය දෙස බලා සිටියේ නිධන් කොල්ලකරුවන්ය.

මෙම නගරය යළිත් උඩුයටිකුරු කරමින් අතීත සිහිවටනයන්වූ ලෝකඩ ප්‍රතිමා, කාසි වර්ග කිරිඟරුඬ නිර්මාන ආභරණ ආදිය සොරා ගන්නට පටන් ගත්තේය.

පුරාවිද්‍යාඥයන්ට මෙම නගරය ගැන අවධානය යොමුවුණේ පුරාවස්තු රැසක් අතුරුදන්වීනේ පසුවය.

පසුව සිදුකළ කැණීම්වලින් අතීත සිහිවටන හා නටඹුන් ලෝකය හමුවේ විවර කිරීමට හැකියාව ලැබිණි.

එක්වරක් බැලුවෙකු දෙවරක් නොබලන තරම් නෙතට කදුලක් දනවන පෙම්පෙයි නගර වැසියන්ගේ ස්වරූපයන් දෙස බැලූ විට පෙනී යන්නේ ලාවා හා ගිනි අළුවලින් නිර්මිත බදාමයකින් වැසී තිබෙන අයුරුය.

ඒ ජීවිත හුස්ම පොද නැතිවී ගියද එම අවස්ථාවේ හැසිරීම ප්‍රතිනිර්මාණය කිරීමට සොබාවධර්මයා කළ අපූරු නිර්මාණයක් බදුවිය.

එම ප්‍රථිමා අදවන තෙක්ම සුරක්ෂිතව රැදී පවතින්නේ මේ ආකාරයෙනි.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar