ගුරුවරුන් 140.000ට තවමත් උසස්වීම් නෑ

 Still no promotions at 140000 teachersගුරුවරුන් 140,000ට මේ වනතෙක් උසස්වීම් ලබාදීමට අධ්‍යාපන බලධාරීන් අපොහොසත් වී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ නව ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක  කළ වහාම එම උසස්වීම් ලබාදීමට පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යවරයා සහතික වූ බවයි.

කෙසේවෙතත් එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කර වසර දෙකක් ගත වී ඇතත් මේ වන තෙක් ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගෙන නොමැති බව ඔහු කියා සිටියේය.

එමෙන්ම නව ගුරු ව්‍යවස්ථාවේ ද ගැටලු රැසක් පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Still no promotions at 140000 teachers.

(under the courtesy of adaderana news web)

Share this post:

Recent Posts

Loading...

Leave a Comment