ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාද? නැත්නම් මේ දුරකථන අංකවලට කියන්න

The advantage of getting the price of drugsමිල අඩු කළ ඖෂධ වර්ග 48 හි වාසිය ජනතාවට නොලැබෙන්නේ එවැනි ඖෂධ සැල් පිළිබඳ විස්තර දන්වා පැමිණිලි යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දුරකථන අංක ලබා දී තිබේ.

එනම් 0113071073 හෝ 0113092269 යන දුරකථන අංක ඔස්සේ එස පැමිණිලි යොමු කළ හැකිය‍

මේ පිළිබඳව හොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් විමර්ශනයක්ද ආරම්භ කිරීමට  තීරණය කර තිබේ.

ඇතැම් ඖෂධ වර්ග ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ මිලට ජනතාවට මෙතෙක් දිවයින පුරා ඖෂධ වෙළෙඳසැල් වලින් ලබාගැනීමට නොහැකි බවට පාරිභෝගික ජනතාව ඉදිරිපත් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම විර්ශනය ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

පසුගිය දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වෙළඳපොළේ පවතින ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා පසු විපරම් වැඩපිළිවෙළක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට ද තීරණය  කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

ඖෂධ තොග සගවා ඖෂධ හිඟයක් ඇති කිරීම වැලැක්වීමේ අරමුණින් දේශීය ආනයනකරුවන්ගේ ඖෂධ ගබඩා පරීක්ෂා කිරීමට ද නියමිත බව වාර්තා වෙයි.
(under the courtesy of hirunews news web)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar