ජනප්‍රියත්වයටයි ප්‍රසිද්ධියටයි අපිට ආදරය කරන්නේ

udayanthi kulathunga new gossipඅපල කාලය ගෙවුණා
උදයන්තිට සිනමා නිර්මාණයක්‌

ඇය කාලයක්‌ දිගින් දිගටම පුංචි තිරයෙන් අපට මුණගැසුණා. නමුත් තවත් කාලයකදී ඇය තම රසික රසිකාවියන් වගේම කලාවෙන් පවා තරමක්‌ දුරස්‌වී සිටියා. නමුත් දැන් දැන් ඇය නැවතත් අපට හමුවෙනවා. ඇය ජනප්‍රිය නිළි උදයන්ති……

Ö අලුත් චිත්‍රපටයේ වැඩකටයුතු කොහොමද?

බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතාගේ අග පිපි මල් චිත්‍රපටයේ වැඩකටයුතු කරගෙන යනවා මේ දවස්‌වල. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්‌ තමයි මං නිරූපණය කරන්නේ.

Ö මොනවගේ චරිතයක්‌ද?

ඇය සමාධි. ගමෙන් නගරෙට ඇවිල්ලා කරදරවලට මුණ දුන්න චරිතයක්‌ ඇය. තම පෙම්වතා දුරස්‌ වීමෙන් පසු පිරිමින් හතර පස්‌ දෙනෙක්‌ එක්‌ක විවාහ වෙන ඔවුන්ගෙන් පළිගන්න උත්සහ කරන ජීවිතේ වැරදුන තරුණියක්‌ අවසානයේ ඇය නැවතත් ගමට යනවා.

Ö එතකොට ටෙලි නාට්‍ය?

වසන්ත මොරගොඩ මහත්මයාගේ එහෙත් එහෙමයි ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක කාලීන දේශපාලන කාරණා ගැනත් සාකච්ඡා වන හරි අපූරු නිර්මාණයක්‌. දේශපාලනය හා සම්බන්ධ ප්‍රහසනයක්‌ නිසා මං වැඩියත්ම කැමති උනා. ඒ වගේම සුරදූතියෝ නාට්‍යයත් කළා.

Ö ඉස්‌සර නං උදයන්ති හාස්‍යජනක, ප්‍රහසන නිර්මාණ වල එතරම් දකින්නට ලැබුණේa නැහැ?

හැමෝම වගේ ඉතිං එකපාරට comady පටන් ගත්තා. ඉතිං මටත් හිතුණා ලැබුණ ආරාධනා පිලි අරං බලන්න. ඒකත් ඉතිං වෙනසක්‌නේ එක අතකට. ඇත්තටම කලින් මං ප්‍රහසන වලට සම්බන්ධ උනේ නෑ තමයි. ඒත් ඇත්තටම මේ චරිත වලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

Ö දේශපාලනය මාතෘකා උන නිසා ඒ නිර්මාණයට කැමති උනාට පහුගිය කාලයේ දේශපාලනය නිසා කරදර ප්‍රශ්නත් ඇති වුණා නේද?

දේශපාලනය නිසාමයි කියල කියන්න බැහැ. මං එහෙම ලොකුවට දේශපාලනය කරපු කෙනෙක්‌ නෙමෙයි. ඒ නරක කාලෙට වෙච්ච දේවල් කියලයි මම හිතන්නේ. මං sඒටැ එකකටවත් නැගලා නැහැ දේශපාලනය නිසා. අනිත් අතට මං දැනුවත්ව කාටවත් වරදක්‌ කරපු කෙනෙකුත් නෙමෙයි. සමහර චරිතයකට ආදරය කළා. ඉතිං ආදරය තමයි කරලා තියෙන්නේ. ඒ ඇරුණුකොට වරදක්‌ නං කරලා නෑ. ආදරය තමයි ඉතිං කරලා තියෙන්නේ. මං හිතන්නේ අපල කාලයක්‌ ඒ ගෙවුනේ කියලා.

Ö ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

මගේ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු ඉස්‌සර තිබුණෙත් නැහැ. දැනුත් එහෙමයි. පුංචි කලකිරීමක්‌ තමයි හිතේ තියෙන්නේ..

Ö කලකිරීමක්‌? ක්‌ෂේත්‍රය ගැනද? ජීවිතය ගැනද?

නැහැ.. නැහැ… එහෙම දෙයක්‌ නෙමෙයි. ඇත්තටම ක්‌ෂේත්‍රයේ මගේ ළඟ හිටිය අය මට ප්‍රශ්නයක්‌ දුකක්‌ කරදරයක්‌ ඇති උන හැම වෙලවෙමත් මගේ ළඟම හිටියා. ඒ ගැන මං කියන්න ඕන….

Ö එතකොට කලකිරීමෙන් ඉන්නවයි කිව්වේ?

මං ගැනමයි….

Ö හිතෙන්නේ නැද්ද කසාදයක්‌ බැඳලා තැන්පත් උනොත් හොඳයි කියලා?

කව්ද මාව බඳින්නේ කියලා තමයි මට අහන්න තියෙන්නේ ඉතිං…

Ö බඳින්න කැමති හිටියොත් බඳිනවද?

ඔව්… අනිවාර්යයෙන්ම…. ප්‍රශ්නෙ තියෙන්නේ ඇත්තටම මට ආදරේ හිතෙන්නේවත් නෑ දැන් කාටවත්, ඇයි දන්නේ නෑ ඉතිං.

Ö කව්රු හරි කෙනෙක්‌ ඔයාට ආදරෙයි නං….

ඒ ආදරේ ගොඩක්‌ වෙලාවට තාවකාලිකයි කියලා තමයි මට හිතෙන්නේ. අනික නළු නිළියන් කිව්වම ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට එහෙමනේ ආදරේ වෙන්නේ. එහෙම මොකටද ඉතිං….

Ö ඔය කියන්නේ මේ වෙද්දී උදයන්තිට පෙම්වතෙක්‌ නැහැ කියලද?

ඔව්… පෙම්වතෙක්‌ නැහැ..

Ö අනිත් තරුණියන්, නිළියන් වගේ තමන්ගේ විවාහ උත්සවය මේ විදිහටයි පවත්වන්නේ කියන හීනය උදයන්තිගේ හිතේ නැද්ද?

මං තාමත් මේ මොහොතෙත් හිතාගෙන ඉන්නේ විවාහ වෙන්නෙ නැ කියලා. ඒ හින්දා ඔය කිසිම දෙයක්‌ ගැන මං හිතන්නේ නෑ…

Ö ගෙවුණු කාලය ගැන මොකද හිතෙන්නේ?

ප්‍රශ්න ආපු වෙලාවට ගොඩක්‌ අඬන්න ඇති. ඒත් දැන් මගේ හිත ඒකට පුරුදුවෙලා. ස්‌වභාවධර්මය මට ඒ වෙලාවේ දුන්නෙ අපලයක්‌ වෙන්න ඇති. ඒකට මං මොනවා කරන්නද. මං ඒවා දිහා ඔහේ බලාගෙන ඉන්නවා. මං හුඟක්‌ කෙට්‌ටු වෙලා, මානසිකව උනත් ඉතිං දරාගන්න අමාරු උනා. දැන් ඉතිං එහෙම නැතුව ඉන්නවා. මං හෙට මැරෙයිද කියලවත් දන්නේ නැහැ. මං ජීවිතේ කිසිම වරදක්‌ නොකර, බොරු චෝදනාවලට අසු කළා. අනේ මන්දා ඉතින්.. ජීවිතේ…. මං අහිංසක ගෑනු ළමයෙක්‌ කියලා තමයි ඉතිං මට කියන්න තියෙන්නේ. මට පුළුවන් විදිහට පාඩුවේ ජීවත් වෙනවා. ජනප්‍රියත්වය මේ ලැබිලා තියෙන රූපය එක්‌ක එන දේවල් වෙන්න ඇති ඉතිං. සාමාන්‍ය ගෑනු ළමයෙක්‌ උනා නං මේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ නේද කියලත් මං වෙලාවකට කලපනා කරනවා.

Ö දැන් බොහෝ නළු නිළියන් රියෑලිටි වැඩසටහන් වල. ඔබ?

අනේ මං කැමති නෑ. මට ආරාධනා කිහිපයක්‌ම ලැබුණා. ඒත් චිත්‍රපටයක ටෙලි නාට්‍යයක නර්තන ඉදිරිපත් කළාට රියෑලිටි වැඩසටහන්වලට ඉදිරිපත් වෙන්න මගේ කැමැත්තක්‌ නෑ.

(දිවයින පුවත්පත ඇසුරෙනි)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar