මම දරුවගේ බෙල්ල මිරිකලා මැරුවා.. මම මහ කාලකන්නි ගැහැණියෙක්

මම දරුවගේ බෙල්ල මිරිකලා මැරුවා.. මම මහ කාලකන්නි ගැහැණියෙක්..
මට අන්තිමට සිද්ධ වුණේ අනුන් වෙනුවෙන් ඇඟ විකුණන්න..

 

11842-woman-shares-her-tragic-life-experience-61179792094කුඩා කාලේ ඉඳලම මම දුක් වින්ද කෙනෙක්. මගේ අම්මා මියගියේ මට අවුරුදු පහක් විතර කාලේ. මගේ අම්මා දෙමළ ජාතික කාන්තාවක්.

තාත්තා බර්ගර් ජාතිකයෙක්. තාත්තා රජයේ රැකියාවක් කළ කෙනෙක්. ඒත් එයා බීමත්කමට ඇබ්බැහි වුණ නිසා ඒ රස්සාවක් නැති වුණා.


තාත්තා බීමට ඇබ්බැහි වෙලා හිටිය නිසා අම්මා අපිව බලාගත්තේ ගෙවල්වල කුලී වැඩ කරලා.

ඊට අමතරව අම්මා පල්ලිය ළඟට, ඉස්කෝලේ ළඟට අච්චාරු හදාගෙන යනවා විකුණන්න.

ඔහොම ඉන්න අතරේ තමයි අම්මා ඇක්සිඩන්ට් වෙලා මැරුනේ.

තාත්තා ඊට පස්සේ අම්මගේ නංගිව එක්කගෙන ආවා අපිව බලාගන්න. ඒ වෙනකොට පුංචි අම්මා කසාද බැදලා එයාගේ මහත්තයා එයාව දාලා ගිහින් හිටියේ.

පුංචි අම්මටත් දරුවෝ දෙන්නෙක් හිටියා. පුංචි අම්මා අපේ ගෙදර ආවට පස්සේ තවත් දරුවෝ දෙන්නෙක් ලැබුණා.

ඒගොල්ලෝ බලාගන්නත් ඕන නිසා මට අවුරුදු 14 වෙද්දි ඉස්කෝලේ යෑම නතර කරන්න සිදුවුණා.

පොඩි එවුන් හතර දෙනාම බලාගන්න වුණේ මට. පුංචි අම්මා දරුවන්ව මගේ ළඟ දාලා එයා රස්සාවට යන්න ගත්තා.

තාත්තා එයාගේ බේබදුකම අතහැරියේ නැහැ. මගෙම නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි අම්මා නැතිවුණාට පස්සේ ළමා නිවාසයකට දැම්මා.

ඒත් තාත්තා පුංචි අම්මගෙයි එයාගෙයි දරුවෝ බලාගන්න මාව ගෙදර නතර කරගත්තා.

මට ඒ ජීවිතේ අපායක් වෙලා තිබුණේ. කොච්චර කළත් හොඳක් තිබුණේ නැහැ. අවුරුදු පහළව වෙද්දි මට ගෙදර හුඟක් වැඩ කරන්න සිද්දවුණා.

ඔක්කොටම වඩා පුංචි අම්මගේ ඇනුම් බැනුම්, බේබදු තාත්තගේ බැනිල්ල ඉවසන්න බැරිව හිටියේ.

ඒ අතර තමයි මට ජගත්ව හමුවුණේ. ජගත් හිටියේ අපේ ගෙවල් කිට්ටුවමයි. මම දැනගෙන හිටියේ නැහැ ජගත් කියන්නේ කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා.

මම ජගත්ට ආදරේ කළා. ගෙදර තියෙන ප්‍රශ්න නිසාම මට ඕන වුණේ ගෙදරින් පැනලා යන්න.

අන්තිමට මම තීරණය කළා ජගත් එක්ක යන්න. ගෙදර කාටවත්ම නොකියා මම ජගත් එක්ක ගියා.

ගියාට පස්සේ තමයි මම දැනගත්තේ එයා කුඩුවලට පුරුදු වුණු කෙනෙක් කියලා. ඒත් එයා මට හොඳට සැලකුවා. මම ගෙදර ඉන්න කාලේ කිසිම තැනක ගිහිල්ලා තිබුණේ නැහැ.

නමුත් ජගත් මාව හැම තැනම එක්කගෙන ගියා. ජගත්ට සල්ලි තිබුණා. එයා කුඩු විකුණුවා.

ගෙදරින් ආවට පස්සේ මට ලස්සන ජීවිතයක් තිබුණා. ජගත් මට ලස්සන ලස්සන ඇදුම් අරගෙන දුන්නා. හොඳට කන්න බොන්න ගෙනත් දුන්නා.

ඇත්තටම කිව්වොත් මට කිසිම අඩුවක් දැනුනේ නැහැ. එයා මට බොහෝම ආදරෙන් සැලකුවා.

ඒ වුණත් ඒ හැම දෙයක්ම වැඩිකල් තිබුණේ නැහැ. දවසක් ජගත්ව පොලිසියට අහුවෙන්න ගිහින් තිබුණා. එදා එයා කොහොමහරි බේරුණා.

ඊට පස්සේ දවසේ පොලිසිය එයාගේ පස්සෙන් පන්නනකොට ජගත් හයියෙන් මෝටර් සයිකලය පැදගෙන ගිහිල්ලා මෝටර් රථය කන්ටේනරයක වැදිලා ජගත් මැරුණා.

මට හිතාගන්න බැරිවුණා. ඊට පස්සේ මට මොකද වෙන්නේ කියලා. ආයේ තාත්තයි පුංචි අම්මයි ළඟට යන්න හිතුනෙත් නැහැ.

ජගත්ගේ මරනෙ වැඩකටයුතු ඔක්කොම කළේ එයාගේ බොස්. ජගත්ගේ මරණෙ කටයුතු ඉවර වෙලා මාස කිහිපයක් යනතුරු බොස් මාව බලාගත්තා.

අන්තිමට ඒත් එයා ළඟ හිටපු කොල්ලෙක්ට මාව බාරදුන්නා.

එයාගේ නම සුමතී. අපි දෙන්නා ජීවිතේ අලුතින් පටන් ගත්තා.

ඒත් මට හිතාගන්න බැහැ ඇයි මට මෙහෙම වුණේ කියලා. බොස්ගේ හැමදේම පරිස්සම් කළේ සුමති. දවසක් පොලිසියේ මහත්වරු සුමතිව අත්අඩංගුවට ගත්තා.

ඒ වෙලාවේ එයා ගාව කුඩු තිබුණා. සුමතිව උසාවි දැම්මට පස්සේ අවුරුදු දෙකක විතර හිරදඩුවමක් ලබාදුන්නා.

සුමති හිරේ ගිහිල්ලා ටික දවසකින් තමයි දැනගන්න ලැබුණේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.

මට ඒ දේවල් කියන්න කෙනෙක් හිටියේ නැහැ.

මම සුමතිගේ බොස්ට ගිහිල්ලා කිව්වා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඇත්තටම කිව්වොත් මට දරුවෙකුට ආශාවක් තිබුණේ නැහැ.

එයා මාව කොළඹ තැනකට එක්කගෙන ගිහිල්ලා දරුවා නැති කළා. ටික දවසක් මං අසනීපයෙන් හිටියා.

ඊට පස්සේ බොස් මාව එයා දන්න මැඩම් කෙනෙකුට විකුණුවා. මම හිතුවේ නැහැ. එයා මට එහෙම කරාවි කියලා.

ඒත් ඊට පස්සේ මට වුණේ අනුන් වෙනුවෙන් විකිණෙන්න. මට අවුරුදු විසි එකක් විතර වෙනතුරු මම එතැන හිටියා.

මැඩම් මම ඉන්න තැනට ලස්සන ලස්සන කෙල්ලේ ගේන්න ගත්තා.එයා චීන තායිලන්ත කෙල්ලන්ව ගෙන්න ගත්තා.

ඊට පස්සේ මට දැනුනා එතැන ඉන්න බැහැ කියලා. මම මැඩම් එක්ක රණ්ඩුවෙලා එතැනින් යන්න ගියා. මැඩම් ගාව ඉන්නකොට මට ලොකු ලොක්කන්ව අදුරගන්න පුළුවන් වුණා.

මම ඒ අදුරගත්ත කෙනෙකුගේ මාර්ගයෙන් ඊට පස්සේ මසාජ් ක්ලිනික් එකක වැඩට ගියා.

කාට හරි පිටින් ඉදන් බැලුවම පේන්නේ එතන බොඩි මසාජ් කරන ක්ලිනික් එකක් කියලා.

ඒත් එතැනට ගියාට පස්සේ තමයි එතැන මොකක්ද වෙන්නේ කියලා තේරෙන්නේ.

දවාලට මසාජ් ක්ලිනික් එක. රෑට කෙල්ලෝ විකිණෙනවා. ඒක බොහොම රහසිගත විදිහට කෙරුණ දෙයක්.

මම හුගක් සල්ලි හම්බ කළේ ඒ රස්සාවෙන්. ඒත් වැඩිකල් යන්න කලින් මාත් කුඩුවලට පුරුදු වුණා.

ඒ නිසා මම හම්බකරපු හැම සතයක්ම නැතිවුණා. ඔහොම ඉන්න අතරේ තමයි මට රවී හම්බවුණේ.

රවී කියන්නේ මහ සෙල්ලක්කාර චරිතයක්. ඒ බව දැනදැනත් මම රවී එක්ක යාළුවුණා.

ඒ වෙනකොට මගේ ජීවිතේ කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. අපි අතර සම්බන්ධයක් තිබුණා. රවීට ඕනවුණේ සල්ලි.

එයාට මම මොනවා කළත් කමක් නැහැ. මට ආයෙමත් දරුවෙක් ලැබෙන්න ආවා.

රවී කිව්වේ ඒ දරුවා එයාගේ නෙවෙයි කියලා. මම ආයෙමත් අසරණ වුණා. රවී මට කිව්වා එයා එක්ක ඉන්න ඕන නම් මට දරුවා නැතිකරගන්න කියලා.

ඒත් ඒ වෙනකොට මට දරුවා නැතිකරගන්න බැරි තත්ත්වයක් තිබුණේ.

නමුත් රවී මට සමාවක් දුන්නෙම නැහැ. එා කිව්වේ මට ලැබෙන්න ඉන්නේ වෙනකාගේ හරි දරුවෙක් කියලා.

ඇත්තම කිවවොත් මම පුංචි කාලේ ඉඳලම ළමයි නිසා දුක්වින්දා. තවත් දුක් විදින්න බැරි නිසාම මම හිතුවා දරුවා ලැබුණම මරලා දාන්න.

මුලින් නම් හිතුවේ කාටහරි දීලා දාන්න කියලා. ඒත් මට හිතාගන්න බැහැ මම එච්චර දරුණු වුණේ කොහොමද කියලා.

දරුවා ලැබෙද්දි රවී ගෙදර හිටියේ නැහැ. මට මහා පුදුම වේදනාවක් දැණුනා. කිරි කැටියගෙ මුහුණ දැක්කම මට දුකත් හිතුණා. ආසාවකුත් ඇති වුණා.

ඒත් ඊටත් වඩා මගේ මතකයට ආවේ මම අවුරුදු පහේ ඉදලා අවුරුදු 14 වෙනකං ළමයි උස්සගෙන විද්ද දුක් කරදර.හිතාගන්න බැහැ ඒක කොහොම වුණාද කියලා.

මම දරුවගේ බෙල්ල මිරිකලා මැරුවා. මම මහ කාලකණ්නි ගැහැණියෙක්.

ඊට පස්සේ හැමදේම අමතක වෙන්න කියලා මං සිහිය නැතිවෙනතුරු කුඩු ගැහුවා. කොහොම වුණාද දන්නෑ. මාව පොලිසියට අහුවුණා. මම තාමත් හිරගෙදර.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar